නවතම පුවත්

නේටෝවෙන් රුසියාවට අනතරු ඇඟවීමක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

රුසියාව යුක්‍රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගතහොත් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බවට බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයා අනතුරු අඟවා තිබේ.

G7 විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගීවීම සඳහා ලිවර්පූල් නගරයට පැමිණි අවස්ථාවේදී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයා ඒ බව පවසා ඇත.

අනාගත සුරක්ෂිතභාවය සහ ආරක්ෂාව තහවුරු කරදීමට යුක්‍රේනය වැනි හවුල්කරුවන් සමග ආර්ථික සහ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කරගැනීමට බ්‍රිතාන්‍යය පියවර ගෙන ඇති බවද එහිදී ප්‍රකාශ කර තිබේ.

2008 වසරේ ලබාදුන් පොරොන්දුවකට අනුව යුක්‍රේනයට නේටෝ සාමාජිකත්වය ලබාගැනීමට මග විවර වුණි.

එම පොරොන්දුව අවලංගු කර දමන ලෙස රුසියාව පසුගියදා එම සංවිධානයෙන් ඉල්ලීමක් කළේය.

කෙසේ වෙතත් නේටෝ මහලේකම් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

මේ වනවිට රුසියානු ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව, ලක්ෂයකට ආසන්න රුසියානු භට පිරිසක් යුක්‍රේනය අසල දේශසීමාවේ රැඳීසිටින බව වාර්තා වෙයි.

යුක්‍රේන බුද්ධි අංශ පමණක් නොව, අමෙරිකානු බුද්ධි අංශ පවා අනතුරු අඟවා ඇත්තේ, ලබන ජනවාරියේ හෝ පෙබරවාරියේ රුසියානු හමුදා යුක්‍රේනය ආක්‍රමණය කරනු ඇති බවය.

එවැනි ආක්‍රමණයක් සිදුවුවහොත්, ඊට මුහුණදීමට තමන් සූදානමින් සිටින බව යුක්‍රේන රජය පවසා තිබේ.

නේටෝ සංවිධානයත් පවසා ඇත්තේ, යුක්‍රේනයට සහාය පළ කරමින් රුසියාව සමග යුදවැදීමට තමන් පසුබට නොවන බවය.

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළහොත්, රුසියාවට කිසිදු සමාවක් නොදෙන බවත් රුසියාව අඩපණ කළ හැකි ආකාරයේ ආර්ථික සම්බාධක පැනවීමට ක්‍රියා කරන බවත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර තිබේ.

කෙසේවෙතත් රුසියාව පවසා තිබුණේ යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ කිසිදු අදහසක් නොමැති බවය.

තම හමුදා යුක්‍රේන දේශසීමාවේ සීරුවෙන් තබා ඇත්තේ, යුක්‍රේන හමුදා නේටෝව සමග එක්වී කටයුතු කිරීම, රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බැවින් යැයිද රුසියානු ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්