නවතම පුවත්

නොරොච්චෝලේ අක්‍රිය නිසා දවසකට කෝටි දෙකක් පාඩුයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රිය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රජයට දිනකට කෝටි දෙකක පමණ පාඩුවක් සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

එහි සමලේකම් ඉංජිනේරු ඉසුරු කස්තුරිරත්න පැවසුවේ ලබන 06 වනදා හෝ 10 වනදා පමණ වන තෙක් නොරොච්චෝලේ බලාගාරයේ එම ජනන යන්ත්‍රය අක්‍රියව තැබීමට සිදුවන බවයි. ඒ අනුව එමඟින් අහිමිවන විදුලි ධාරිතාව සපුරා ගැනීමට පෞද්ගලික බලාගාරවලින් වැඩි වශයෙන් විදුලිය මිලදී ගැනීමට සිදුවන බව ඔහු සඳහන් කළා.

මෙලෙස අනවශ්‍ය ලෙස වියදම් වන මුදල පියවීමට සිදුවන්නේ ජනතාවට බවද මෙහිදී ප්‍රකාශ කෙරුනා.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් දෛනිකව මෙගාවොට් 900ක විදුලි ධාරිතාවක් නිෂ්පාදනය කෙරෙනවා. පවතින ගල් අඟුරු තොග ආරක්ෂා කර ගැනීමේ අරමුනින් නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් එක් යන්ත්‍රයක ජනන කටයුතු මේ වන විට තාවකාලිකව නතර කර ඇති අතර ඒ හේතුවෙන් ජාතික පද්ධතියට අහිමි වන විදුලි ධාරිතාව මෙගාවොට් 300ක්වේ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්