නවතම පුවත්

නොවැම්බරයේදී පාසල් යලි ඇරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එළඹෙන නොවැම්බර් මාසයේ දී පාසල් විවෘත කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි .

දිවයින පුරා පාසල් විවෘත කිරීමට හැකි මාර්ගෝපදේශ මාලාව හෙට වන විට සකස් කර ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

විශේෂඥ වෛද්‍යවරු, තාක්ෂණික ඇගයීම් කටයුතු නියෝජිතයන් හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ද සහයෝගය මත එම මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් සකස් කර ජනාධිපතිවරයාට භාරදීමට නියමිතය පාසල් විවෘත කිරීමට අදාළ සැලසුමක් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විටත් සකස් කර තිබෙ. එම සැලසුමට අනුව නොවැම්බර් මාසයේ දී පෙර පාසල් විවෘත කිරීමට නියමිතය.

පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා පැවැති කොවිඩ් කාර්යය සාධක බළකා රැස්වීමේදී ද අවධානය යොමු කෙරුණා. ළමයින් අඩු ග්‍රාමීය පාසල් හා ප්‍රාථමික පාසල් විවෘත කළ හැකි බව අමාත්‍යවරුන් කිහිපදෙනෙකු එහිදී පෙන්වා දී ඇත.

මේ අතර පාසල් ආරම්භ කිරීමට පෙර ගුරු – විදුහල්පති ගැටළුවලට විසදුම් ලබාදෙනු ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි .

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්