පක්ෂ හා මැතිවරණ නියෝජිතයන් අතර සාකච්ඡාවක්

Picture of අසංක

අසංක

දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් ලබන බදාදා පැවැත්වීමට නියමිතව ඇත.

මෙම සාකච්ඡාවේදී ලබන 7 වැනි දා පැවැත්වීමට නියමිත නාම යෝජනා භාර ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් දැනුවත් කිරීමට නියමිතය.

මෙම සාකච්ඡාව සඳහා දැනට ඇප මුදල් තැන්පත් කර ඇති දේශපාලන පක්ෂවල නියෝජිතයින්,ජනාධිපතිවරණයට තරග කරන බවට මැතිවරණ කොමිසම දැනුවත් කර ඇති පක්ෂ නියෝජිතයින් හා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නියෝජිතයින් කැඳවන බව මැතිවරණ කොමිසම සඳහන් 
කළේ ය.