නවතම පුවත්

පක්‍ෂයට එල්ලවන අභියෝග , ශක්තියක් කරගන්නවා – බැසිල්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සිය පක්‍ෂයට එල්ල කළ අභියෝග ශක්තියක් වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අවධාරණය කර සිටී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 5 වන සංවත්සර උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය .

එම සංවත්සර උත්සවය කොළඹ නොළුම් පොකුණ රඟහලේදී පෙරවරු 10 ට ආරම්භවිය

ක්‍රෝධය සහ වෛරසය නොමැතිව රට වෙනුවෙන් සේවය කිරීමට අධිෂ්ඨාන කර ගන්නා ලෙසටද මෙහිදී අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ ඉල්ලීමක් ද කල අතර .පක්ෂයක් ලෙස පරමාර්ථය වූයේ ජනතාව දිනවීම වන අතර අදටත් අධිෂ්ඨාන කරගෙන තිබෙන්නේ මේ රටේ ජනතාව දිනවීම මිසක් ජනතාව පරාජය කිරීම නොවන බව ඒ මහතා පැවසීය

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය

”ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා තවදුරටත් දේශපාලන ජයග්‍රහණ ලබාගන්නවා වගේම ඒ දේශපාලන ජයග්‍රහණ සියල්ලක්ම මේ රටේ ජනතාවගේ විශේෂයෙන්ම මතු පරපුර වෙනුවෙන් රාජ්‍යයක් තුළ අපේ දරුවන්ට දරුවන්ගේ දරුවන් වෙනුවෙන් යම් කිසි සේවයක් කරන්න. එය අධිෂ්ඨාන කරගෙන ඉන්න නිහතමානි,අවංක,ශ්‍රේෂ්ඨ නායකයෙක් අපේ රටේ ජනාධිපති ධුරයට පත්වෙලා ඉන්න වෙලාවක අපි එකාර්ය අවංකව ඉෂ්ට කරනවා.

මෙහි පැමිණ සිටින පක්ෂ නායකයින්ගෙන් වගේම අපේ පක්ෂයේ පක්ෂ සාමාජිකයින්ගෙන් අහන් ඉන්න සියලු දෙනාගෙන්ම ඉල්ලනවා අපි පක්ෂයක් හැටියට ඉදිරියටත් ක්‍රෝධය වෛරය නැතුව අවංකව සියලු දෙන එක්ක සහයෝගයෙන් වැඩකරලා රට වෙනුවෙන් යම්කිසි සේවයක් කරන්න අධිෂ්ඨාන කරගමු කියල.”

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්