නවතම පුවත්

මෙරට කාන්තාවන් ඉංග්‍රීසි භාෂා දැනුමෙන් සවිබල ගන්වන ‘Lankan Lady Boss’

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විවිධ වෘත්තීයයන්හි නිරත  කාන්තාවන් වෙනුවෙන්ම සැකසූ මෙරට ප්‍රථම මාර්ගගත (ONLINE ) ඉංග්‍රීසි භාෂා පුහුණු වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් විය .

‘Lankan Lady Boss’ නමින් නම් කර තිබු එම වැඩසටහන පුරා සති 12 ක් ක්‍රියාත්මකවූ අතර එය මෙහෙයවන ලද්දේ ඉංග්‍රීසි භාෂාවේදිනියක වන ශවිනි සෝමවර්ධන  විසිනි . එසේම මෙම වැඩසටහනට පූර්ණ අනුග්‍රහය ලබාදෙන ලද්දේ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු කේන්ද්‍රය විසිනි

මෙම වැඩසටහන ආරම්භකිරීමට මුල්වූ කරුණු පිළිබඳව විස්තර කරමින් ශවිණි  මාධ්‍ය වෙත මෙසේ පැවසීය ,

ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ කාන්තා වෘත්තිකයින් බොහෝ දෙනෙකු කාන්තාවන් වීම නිසා වගේම ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට නොහැකිවීම නිසාත් සමාජයෙන් කොන් වෙනවා , විවිධ ගැටළු හා අර්බුදවලට මුහුණදෙනවා . මේ නිසාම ඔවුන් තම හැකියාවන්ට සරිලන රැකියාවන්වල නිරතවන්නේ නැහැ . ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ඇති අඩු දැනුම, සාර්ථකත්වය කරා යාමට ඔවුන්ට ඇති බරපතලම බාධකය වී තිබෙනවා . මෙම තත්වය නැති කිරීමේ අදහසින් තමයි මම මේ වැඩසටහන පටන් ගත්තේ .

වැඩසටහනට ඉල්ලුම්පත්‍ර 275ක් පමණ ලැබුන , එයින් අප වැඩසටහන සඳහා තෝරාගත්තේ 40 දෙනෙකු පමණයි . එයින්ද වැඩසටහන සාර්ථකව අවසන් කලේ 34 දෙනෙකු පමණයි . කොවිඩ් වසංගත තත්වයත් මෙම වැඩසටහන ඉදිරියට ගෙනයාමේදී බාධකයක් වුනා . අපගේ ශිෂ්‍යාවන් 6 දෙනෙකුටම  කොවිඩ් රෝගය වැළඳුනා .

මෙම කාන්තාවන් සඳහා ඉංග්‍රීසි ව්‍යාකරණ ඉගැන්වීමේදීද විවිධ ගැටළු මතුවුනා .මෙය කණ්ඩායම් වශයෙන් සිදුකෙරුණු ඉගැන්වීම් ක්‍රියාවලියක් නිසා එකිනෙකාට වෙන වෙනම අවධානය යොමුකරන්න නොහැකිවුනා . එසේම ව්‍යාකරණ වැනි සංකීර්ණ මාතෘකා , කෙටි කලකින් කියාදීම අභියෝගයක් වුන , කෙසේ වෙතත් මේ සියලු අභියෝග ජයගෙන අප ඉතාමත් සාර්ථකව පුහුණු වැඩසටහන අවසන් කළා , එය අප ලැබූ ජයග්‍රහණයක්. ඇත්තෙන්ම වැඩසටහනට එක්වූ අයගේ ප්‍රතිචාර හරහා මට හොඳින්ම පැහැදිලිවෙනවා එය ඉතා සාර්ථකව පැවැත්වුණු බව “

මෙම පුහුණු වැඩසටහනට එක්වූ වෘත්තීයවෙදිනියක වන 27 හැවිරිදි පමුදි මහේෂිකා මාධ්‍ය එත දැක්වූයේ මෙවන් අදහසකි ,

ඇත්තෙන්ම මෙම වැඩසටහන නිසා මගේ ඉංග්‍රීසි දැනුම පුලුල්වුනා .දියුනුවුනා . දැන් මට ඉංග්‍රීසි  භාෂාවෙන් මගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් , ලියන්න පුළුවන් , එය මට මගේ වෘත්තීය ජීවිතයට විශාල සහයෝගයක්.

වැඩසටහනට එක්වූ  දෘශ්‍යාබාධිත කාන්තාවක් වන ගයනි දිසානායක පැවසුවේ මෙම වැඩසටහනෙන් පසුව ඉංග්‍රීසි භාෂාව කතාකිරීම ඇය තුල වූ බිය හා චක්තය පහව ගිය බවයි .

මේ  ප්‍රතිචාර ගැන අදහස් දක්වමින් ශවිනි සෝමවර්ධන  පැවසුවේ , ඇත්තෙන්ම ඇගේ වැඩසටහන හරහා ඉංග්‍රීසි භාෂාව කතාකිරීමේ හැකියාව , ශක්තිය , වර්ධනය කරන අතරම කාන්තාවන්ගේ ආත්ම ශක්තියද දියුණු කිරීමට කටයුතු කල බවයි .

” මෙම වැඩසටහනට එක්වූ එක නීතීඥවරියක් දැන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉතා හොඳින් ඇගේ සේවාදායකයන් සමග කතාකරනවා . ඊට පෙර ඇය එලෙස සේවාදායකයින් සමග ඉංග්‍රීසි භාෂාවෙන් කතාකර තිබුනේ නැහැ .මෙවැනි උදාහරණ විශාල ප්‍රමාණයක් තිබෙනවා . ඒවා ඇහෙනකොට හිතට විශාල සතුටක් දැනෙනවා “

ඇත්තෙන්ම මේ වැඩසටහන සඳහා ඇමෙරිකානු කේන්ද්‍රය ලබාදුන් සහයෝගය ගැන ස්තූතිවන්ත වෙනවා, එසේම ඉදිරියටත් මෙවැනි වැඩසටහන් කිහිපයක්ම ආරම්භ කිරීමට මා සැලසුම් කර තිබෙනවා  එම වැඩසටහන් හරහාද , මගේ හැකි උපරිමයෙන් මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම මගේ අරමුනයි ” ශවිණි මාධ්‍ය වෙත වැඩිදුරටත් අවධාරණය කලාය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්