හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී, ජනප්රිය රංගන ශිල්පිනි උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ සවස කටුගස්තොට දී සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
ඇය පැදවූ මෝටර් රථය යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදිකරු තුවාල ලබා රෝහල්ගතකර තිබේ.
අත්අඩංගුවට ගත් උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය අද අධිකරණයට ඉදිපත් කිරීමට නියමිතය.