නවතම පුවත්

පරිසරය සුරකීමේ අභියෝගය ජයගන්න බුදු දහමෙන් ආදර්ශ ලබාගත හැකියි – ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා 2021 දෙසැම්බර් 11 වන දින මොරටුවේ පැවති ලංකා ජාතික සර්වෝදය ශ්‍රමදාන සංගමයේ (ශ්‍රී ලංකා සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය) විධායක කවුන්සිලයේ 65 වන වාර්ෂික මහා සම්මේලනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

ගාන්ධි සාම ත්‍යාගලාභී සහ ශ්‍රී ලංකාවේ එම ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා විසින් මෙහිදී විශේෂ දේශනයක් සිදු කරන ලදී. ලංකා ජාතික සර්වෝදය ශ්‍රමදාන සංගමයේ සභාපති වෛද්‍ය වින්‍ය ආරියරත්න මහතා ද මෙම අවස්ථාව ඇමතීය.

මෙම අවස්ථාව අමතමින් නියෝජ්‍ය මහ කොමසාරිස්තුමා මාතෘකා ත්‍රිත්වයක් පිළිබඳව අදහස් දැක්වීය. එම මාතෘකා තුන වූයේ දේශගුණික විපර්යාස සහ පරිසරය සුරැකීමේ අභියෝග සඳහා බෞද්ධ සහ ගාන්ධි ප්‍රතිපත්තීන් යොදාගැනීම; කොවිඩ් බලපෑමට ලක් වූ පොදු ගෝලීය සමාජය සහ ඉන්දීය සමාජයට සර්වෝදය ව්‍යාපාරයේ අදාළත්වය; සහ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්තිය සහ පරිසර ආරක්ෂාව යන ක්ෂේත්‍රය ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායි සහ මිත්‍රශීලී සබඳතා හි ස්වභාවය සහ අන්තර්ගතය යනාදිය යි.

ස්වභාව ධර්මය සමඟ සුසංයෝගීව ජීවත් වීමේ සහ ඒ සඳහා තාක්ෂණය යොදාගැනීමේ නූතන නිදසුන් රැසක් ඉන්දියාවෙන් දැකගත හැකිය. “Cool The Globe” යෙදුම සහ මධ්‍ය ප්‍රදේශ් හි මෙගා වොට් 750ක රේවා සූර්ය බලාගාර ව්‍යාපෘතිය මේ සඳහා කදිම උදාහරණ වේ. ඇමරිකානු ඩොලර් බිලියන 3.5කට ආසන්න ඉන්දු – ශ්‍රී ලංකා සංවර්ධන සහයෝගීතාවය තුළ ක්‍රියාවට නංවා ඇති 1990 සුවසැරිය ගිලන්රථ සේවය, ඉන්දියානු නිවාස ව්‍යාපෘතීන්, ආදර්ශ ගම්මාන නිවාස ව්‍යාපෘතීන්, රෝහල් සහ පාසල් වැනි ව්‍යාපෘතීන් හි ද දේශීයව යොදාගන්නා ඉදිකිරීමේ සහ වෙනත් අමුද්‍රව්‍ය භාවිතයේ දී කාබන් විමෝචනය අවම වන පරිදි යොදා ගන්නා බවට සහ ඉදිකිරීමේ ක්‍රමවේදයන් පරිසර හිතකාමී වන බවට සහතික වී ඇත.

මෙවැනි ප්‍රවේශයන් දේශගුණික විපර්යාසයන් පාලනය කිරීම සඳහා අගාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් හඳුන්වා දෙන ලද සුවිශේෂී ‘පංචාම්රිත්’ සංකල්පය හා මනාව ගැළපේ. මෙම පංචාම්රිත් සංකල්පය වන්නේ, 1. ඉන්දියාව 2030 වන විට සිය පොසිල නොවන බලශක්ති ධාරිතාවය ගිගා වොට් 500 දක්වා ඉහළ නංවනු ඇත. 2. 2030 වන විට ඉන්දියාව සිය බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 50ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගනු ඇත. 3. සමස්ත ප්‍රක්ෂේපිත කාබන් විමෝචනය දැන් සිට 2030 වන තෙක් ටොන් බිලියනයකින් අඩු කිරීම. 4. 2030 වන විට ඉන්දියාව සිය ආර්ථිකයේ කාබන් තීව්‍රතාවය සියයට 45කට අඩු ප්‍රතිශතයක් දක්වා අඩු කිරීම 5. 2070 වන විට ශුද්ධ ශුන්‍යයක ඉලක්කයක් ළඟා කර ගැනීම වේ]

නියෝජ්‍ය මහ කොමසාරිස් ජේකබ් මහතා ආචාර්ය බී. ආර්. අම්බෙඩ්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් නිර්මාණය කරන ලද ඉන්දියානු ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්තියේ මූලිකාංග යටතේ පිළිඹිබු වන සැමට සුබසිද්ධිය සහ සැමදෙනා නඟා සිටුවීම යන සංකල්පයන්හි අදාළත්වය ද මෙහිදී පෙන්වා දුන්නේය. නිදහස් ඉන්දියාවේ 75 වන වසර සමරමින් පවත්වනු ලබන අසාදි කා අම්රිත් මහෝත්සව් හි කොටසක් ලෙස ආචාර්ය අම්බෙඩ්කාර් මැතිතුමාගේ ගුණානුස්මරණය 2021 දෙසැම්බර් 6 වන දින රට පුරා සැමරීමට ඉන්දීය රජය කටයුතු කළේය. ඉන්දීය ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා අමාත්‍යවරුන් සහ විවිධ අමාත්‍යාංශයන්හි ප්‍රමුඛ පෙ‍ළේ නියෝජිතයන් හා එක්ව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අම්බෙඩ්කාර්තුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ. ඉන් අනතුරුව බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහභාගී වූ විශේෂ ආගමික වැඩසටහනක් ද පැවැත්විණ.

 

DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!