නවතම පුවත්

පරිසර විනාශයට එරෙහි විශේෂ ඒකකයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පරිසර විනාශ කිරීම් සිද්ධීන්වලට කඩිනමින් සහ කාර්යක්‍ෂමව ක්‍රියාත්මක විය හැකි නව  ඒකකයක් පිහිටුවීම සඳහා වූ යෝජනාවක් පරිසර කටයුතු පිළිබද අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව වෙත ඉදිරිපත්ව ඇත .

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින්  මෙම  යෝජනාව ඉදිරිපත් කර ඇත .

එම නව ඒකකකයට පරිසර, වනජීවි, වන සංරක්‍ෂණ, මහජන ආරක්‍ෂාව සහ මධ්‍යම පරිසර අධිකාරිය වැනි රජයේ ආයතනවල වගකිව යුතු නිලධාරීන් ඇතුළත් විය යුතු බව  අමාත්‍යවරයා යෝජනා කර ඇත .

ඊට සමගාමීව මාධ්‍ය ඒකකයක් ස්ථාපනය කළ යුතු බව ද එම උපදේශක කාරක සභාවේ තීරණය වී ඇති අතර . පරිසර විනාශය සම්බන්ධයෙන් රට තුළ ව්‍යාජ ප්‍රවෘත්ති සංසරණය වැළැක්වීම  හා  ජනමාධ්‍ය විසින් ඉදිරිපත් කරනු ලබන වැදගත් ප්‍රවෘත්ති කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම එම ඒකකයෙන් සිදුවන බව යෝජනාවේ දැක්වේ .

අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පරිසර කටයුතු පිළිබද අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී, දිවයින පුරා මතු වී තිබෙන පරිසර ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බවද වාර්තාවේ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්