පලාලි ගුවන්තොටුපොළේ සිට ඉන්දියාව බලා ගුවන් ගමන් සේවයක් ආරම්භ කිරීමට ඉන්දියානු පෞද්ගලික ගුවන් සමාගමක් සැලසුම් කර ඇත.
මෙම ගුවන් ගමන් සේවයේ කටයුතු එළඹෙන ඔක්තෝබර් 15 වන දා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තාවේ.
මගීන් 80 දෙනෙකු පමණ රැගෙන යා හැකි යානා සඳහා පළමු අදියර යටතේ මෙම සේවයට එක්වන අතර පලාලි සිට ඉන්දියාවේ චෙන්නායි දක්වා ගුවන් ගමන විනාඩි 50ක් පමණ වනු ඇතැයි ද වාර්තාවේ.
පලාලි ගුවන් තොටුපලද මීට සරිලන ලෙස ගොඩනැංවීමට දැනටමත් කටයුතු යොදා ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර සිටී.
පලාලි ගුවන්තොටුපොළේ පළමු අදියරේ සංවර්ධන කටයුතු සඳහා අයෝජිත මුදල රුපියල් මිලියන 1950කි.