අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභින් සඳහා රජය ලබාදෙන රුපියල් 5000 හේ දීමනාව මේ වනවිට පවුල් 2266301 කට ලබාදී ඇති බව සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කර සිටී
රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මෙතෙක් රුපියල් 5000 නොලද පවුල් සඳහා එම දීමනාව ලබන සඳුදා (19) දිනද ලබාදීමට සැලසුම් කර ඇති බවයි
පවුල් කාණ්ඩ 7 ක් යටතේ එම දීමනාව ලබාදෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය..
මේ අතර රාමසාන් උත්සවය සමරන අඩු ආදායම්ලාභීන් සඳහා ද රුපියල් 5,000 දීමනාව ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය