නවතම පුවත්

මෙරටට විදේශිකයින් පැමිණීම සීමා කරයි

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරටට පැමිණෙන විදේශිකයින් අතර කොවිඩ් – 19 රෝගීන් වාර්තාවීම ඉහළයාම හේතුවෙන්, මෙරටට විදෙස් සංචාරකයින් පැමිණීම සීමා කිරීමට සෞඛ්‍ය  අංශ අවධානය යොමු කර ඇත

“2021 වසරේ දී මෙරටින් කොවිඩ් රෝගීන් 52,710 ක් වාර්තා වී ඇති අතර . ඉන් 1593 ක් විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධානයනය වෙමින් සිටිය දී හදුනාගත් රෝගීන් වන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර ඇත

. ඒ අනුව විදෙස් රටවල සිට පැමිණි අය අතර, රෝගීන් වැඩිවීමක් අපට දැකගත හැකි වන බවත් . උදාහරණයක් ලෙස අප්‍රේල් මාසයේ මේ වන විට අප රට තුලින් හමු වූ රෝගීන් 3480 දෙනාගෙන් 538 ක්ම විදෙස් රටවල සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය වන බවත් ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය

. මෙම තත්ත්වය තුල විදෙස් රටවල සිට පැමිණෙන අය අප රට තුල කළමණාකරණය කිරිම පිළිබද අපට නැවතත් සමාලෝචනය කිරීමට සිදුවී තිබෙන බවද . ලෝකයේ රටවල්වල කොවිඩ් රෝගය රැළි වශයෙන් ව්‍යාප්ත විම නිසා රටවල් සංවරණ සීමා දැඩි කිරීමටත්, සමහර රටවල් ගුවන් ගමන් සම්පුර්ණයෙන් නවතා දැමීමටත් කටයුතු කර තිබෙන බවද ඒ මහතා පැවසීය .

මෙවැනි තත්ත්වයක් තුල අප රට තුල යම් කිසි තත්ත්වයකින් සාධනීය තත්ත්වයක් අපි උදාකරගෙන කොවඩ්-19 රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම සදහා කටයුතු කරන අතර . එහිදී  වෛරසය සමාජය තුලට ඇතුලු වී ඇතිවිය හැකි හානිකාරි තත්ත්වය අවම කර ගැනීම සදහා අප රටට විදේශ රටවල සිට පැමිණෙන පිරිස් යමි කිසි විදියකින් සිමා කිරීමක්, පාලනය කිරිමක්, කිරිමට අපට සිදු වන බවත්   ” විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්