නවතම පුවත්

පළමු ඉන්ධන සැපයුම් නෞකාව හම්බන්තොට වරායට- නැව්වලට ඉන්ධන සැපයීම ළඟදීම

අසංක

අසංක

හම්බන්තොට වරාය (HIP) නුදුරේදීම නැව් සඳහා ඉන්ධන සැපයීම ආරම්භ කරනු ඇති බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය පවසයි

එමඟින් හම්බන්තොට වරාය, දැඩි බලපෑමට ලක් වූ ජාත්‍යන්තර සැපයුම් දාමයට සහය ලබාදීමේ වැදගත් පුරුකක් වනු ඇති බව එම සමූහය පෙන්වා දෙයි.

මෑතකදී හම්බන්තොට වරායේ ප්‍රථම වරට නැංගුරම් ලෑ එම්.ටී. ‘මෙලඩි’ නැමැති මෙම ඉන්ධන නෞකාව ඉන්ධන මෙට්‍රික් ටොන් 25,000 ක් වරායේ අලුත් වැඩියා කරන ලද තෙල් ගබඩා සංකීර්ණය වෙත මුදා හැරිණ.

මේ අනුව VLSFO 380 CST හෙවත් අවම සල්ෆර් සංයුතියකින් යුත් ඛනිජ තෙල්, තම ටැංකි තුළ බහාලීමත් සමඟ හම්බන්තොට වරාය (HIP) නුදුරේදීම නැව් සඳහා ඉන්ධන සැපයීම ආරම්භ කරනු ඇත.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ තෙල් ගබඩා සංකීර්ණයේ අලුත්වැඩියා කටයුතු ලොයිඩ්ස් වර්ගීකරණ ප්‍රමිතීන්ට අනුව සිදුකර ඇති අතර එහි මෙහෙයවීම හා කළමනාකරණය ලොව ප්‍රමුඛ පෙළේ ගෝලිය ක්‍රියාකරුවෙකු වන සයිනොපෙක් ඔයිල් සමාගම මඟින් සිදුකරන බවයි.

මෙම සමාගම විසින් HIP දේශීය කාර්ය මණ්ඩලය සඳහා, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ආරක්ෂාව සහ ක්‍රියාකාරිත්වය පිළිබඳ පුහුණුවක් ද ලබාදීමට නියමිතව තිබෙන අතර HIP ඉන්ධන සැපයුම් පහසුකම තුළ අංග සම්පූර්ණ තෙල් පරීක්ෂණාගාරයක් ද පිහිටා ඇත. කලාපයේ ඉන්ධන සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත්වීමේ තම අරමුණ, යථාර්ථයක් බවට පත්කිරීම සඳහා හම්බන්තොට වරාය සයිනොපෙක් සහ දේශීය ඉන්ධන සැපයුම්කරුවන් සමඟ කටයුතු කරන බවද ඒ මහතා පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්