නවතම පුවත්

කොරෝනා මඬින්න ඉක්මනින් ප්‍රතිචාර දැක්වූ ලොව රටවල් 10 අතරට ලංකාවත්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

බෝවන රෝග සඳහා ගෝලීය ප්‍රතිචාර දර්ශකයට (grid ) අනුව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලොව වඩාත්ම ඉක්මන් ප්‍රතිචාර දැක්වූ රටවල් දහය අතරට ශ්‍රී ලකාවද එක්ව ඇත.

ඕස්ට්‍රේලියාවේ සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් සිදුකල සමීක්ෂණයකින් අනතුරුව මෙම දර්ශකය සකස් කර ඇත.

මෙම දර්ශකය සැකසීමේදී , රටේ නායකත්වය වසංගත පාලනය සඳහා කෙතරම් කාර්යක්ෂම හා ඵලදායී ලෙස කටයුතු කලද යන්න විශේෂයෙන් සලකා බැලූ බව ඕස්ට්‍රේලියාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය සඳහන් කර ඇත.

එසේම රටේ සෞඛ්‍ය පද්ධතියේ සූදානම පිළිබඳවද මෙහිදී සලකා බැලූ බව එම ආයතනය සඳහන් කර ඇත .

ශ්‍රී ලංකාව ඉතා විධිමත් අන්දමින් මෙම වෛරසය පාලනය කිරීමට කටයුතු කර ඇති බවත් විශේෂයෙන්ම හමුදා බුද්ධි අංශවල සහය මෙහිදී ඉතා සාර්ථකව වෛරස පාලන කටයුතු වලට භාවිතා කර ඇති බවත් එම ආයතනය සඳහන් කර ඇත .

ශ්‍රී ලංකාව මෙම දර්ශකයේ නම වන ස්ථානයට පත්ව ඇති අතර ප්‍රථම ස්ථානය සිගප්පූරුව විසින් හිමිකරගෙන ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්