නවතම පුවත්

පළමු වරට ශ්‍රී ලංකාව ගුවනින් තෙල් ගවේෂණය අරඹයි

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මන්නාරම සහ කාවේරි ද්‍රෝණියේ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඛනිජ තෙල් සම්පත් ගවේෂණය ඉලක්ක කරගෙන ගුවන් මගින් සිදුකෙරෙන ගුරුත්වාකර්ෂණ හා චුම්බක ක්ෂේත්‍ර දත්ත රැස්කිරීම හා සමීක්ෂණය ආරම්භ කර තිබේ.

බෙල් ජියෝස්පේස් පුද්ගලික සමාගම විසින් මෙම ගවේෂණ කටයුතු සිදු කෙරෙන අතර බලශක්ති අමාත්‍යාංශයට අයත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය මෙම ව්‍යාපෘතිය මෙහෙයවයි.

මන්නාරම ද්‍රෝණියේ අන්තර්ගත ඩොලර් බිලියන 267 ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින් රටේ සමස්ත ණය මෙන් තුන්ගුණයක ආදායමක් ඉපයිය හැකි බව බලශක්ති අමාත්‍යවරයා පසුගියදා අනාවරණය කර තිබුණි.

මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (15) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පැවැත් වූ අතර එහිදී බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා එහිදී මෙසේ අදහස් දැක්වීය.

මෙම අවස්ථාව සඳහා ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර් ඔල්ගා, බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සුරත් ඕවිටිගම, බෙල් ජියෝස්පේස් ආයතනයේ අධීක්ෂණ නිලධාරී ඇන්ඩෘ ජෝෂප් සියර්ල් යන මහත්ම මහත්මින්ද සහභාගී විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්