පළමු වරට ශ්‍රී ලාංකික කබඩි ක්‍රීඩකයකු PKL වෙන්දේසියේ විකිණෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ඉන්දීය කබඩි ලීග් හෙවත් PKL-2021 වෙන්දේසියේදී පළමු වරට ශ්‍රී ලාංකික කබඩි ක්‍රීඩකයෙකු අලෙවි වී තිබේ. ඒ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කබඩි ක්‍රීඩක අන්වර් සහීඩ් බාබා ය. ඔහු ඉන්දියානු ප්‍රෝ-කබඩි තරගාවලියේදී ඔහු මිලියන 2.7 කට අලෙවි වී ඇත.

දිවයිනේ කබඩි ක්‍රීඩා ඉතිහාසයේ කබඩි ලීග් වෙන්දේසියකින් ශ්‍රී ලාංකිකයෙකු මිලදී ගත් පළමු අවස්ථාව මෙයයි. කබඩි බොහෝ දුරට සමාන වන්නේ ලංකාවේ පැරණිතම සාම්ප්‍රදායික ක්‍රීඩාවක් වන චග්ගුඩු හෝ ගුඩු ක්‍රීඩාවට ය.

මෙවර විදේශීය ක්‍රීඩකයින් 22 දෙනෙකු ප්‍රෝ-කබඩි ලීගයට එක්වෙයි. විදේශීය ක්‍රීඩකයන් 42කගේ නම් ඊට ඉදිරිපත් කර තිබුණි.

තරගාවලිය ලබන දෙසැම්බරයේ පැවැත්වෙයි.