මහ මැතිවරණය පවත්වා මාස 02ක් තුළ පළාත් සභා ඡන්දය පැවැත්වීමටද රජය සැලසුම් කර වාර්තාවේ.
දැනටත් මේ පිළිබඳව රජයේ ප්‍රධානීන් අතර සාකච්ජා පැවැත්වී බව ද අධිකරණ මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා වූ පනතක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් පළාත් සභා අක්‍රීය වීම හේතුවෙන් ජනතාවට සේවය කිරීම ගැටලුවක් වී ඇති අතර යළි පළාත් සභා බලගැන්වීම සඳහා පළාත් සභා මැතිවරණය පැවැත්වීම සිදුකළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අප වෙබ් අඩවියට පැවසීය