නවතම පුවත්

ප්‍රංශයේ තත්වය ශෝචනීයයි- ලාංකිකයන් සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න

ධර්ම ශ්‍රී තිලකවර්ධන

ධර්ම ශ්‍රී තිලකවර්ධන

මුරුංගාගස්යායේ නාහිමියෝ ප්‍රංශයේ සිට ඉල්ලිමක් කරති

 

ප්‍රංශයේ රෝහල්වල කොරෝනා රෝගින් පිරි ඉතිරි ගොස් ඇති බැවින් නව රෝගින් රෝහල්වලට ඇතුළත්කර නොගන්නා බව ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියෝ ප්‍රංශයේ ජේතවනාරාමයේ සිට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුහ.

ප්‍රංශයේ තත්වය ශෝචනියයි.කොරෝනා වසංගතයෙන් විශාල පිරිසක් මියයනවා.රෝහ්ල්වලට රෝගින් බාරගන්නේ නැ.නමුත් ලංකාවේ මේ තත්වය නැහැ.ලංකාවේ රෝගින් සිටින තැන් සොයාගෙන ගොස් නිරෝධායනයට යොමුකරනවා.තව රෝගින් රෝහල් ගත කරනවා.නමුත් මේ දියුණු යැයි කියු රටවල එවැනි තත්වයක් අද නැහැ.ලෝකය පුරාම රටවලින් සංචාරකයන් දහස් ගණන් පැමිණි ප්‍රංශය අද පාලුවට ගිහින්.පාරවල්වල කවුරුවත් ගමන් කරන්නේ නැහැ.බලපත්‍රයක් නොමැතිව පාරට බැස්සොත් ලංකාවේ මුදලින් රුපියල් 40,000ක පමණ වන යුරෝ ප්‍රමාණයක් දඩ ගහනවා.ඒනිසා ලාංකිකයන්ගෙන් මේ මොහොතේ මා ඉතාම කරුණාාවන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය අංශ දෙන උපදෙස් අකුරටම පිලිපැද ජිවිත ආරක්ෂා කරගන්නා ලෙසයි.

ප්‍රංශයේ දහස් ගණන් මියයන ආකාරය අප හොදින් දකිනවා.ඒි නිසා මෙය සැලකිල්ලට නොගෙන හිතුමතේ කටයුතු කිරිමට ගියහොත් සිදුවන්නේ මහ විනාශයක් යැයිද මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියෝ පැවසුහ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්