දම්පත් රණසිංහ
කොවිඩ් -19 වෛරසය ආසාදිතව ඊයේ (08) වන විට රෝහල්ගතවත්, රෝහල් ගත වීමට බලාපොරොත්තුවෙන් සහ නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුවී සිටින රෝගීන් 71,390 දෙනෙක් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
ඒ අය අතර රෝහල් ගතව ප්‍රතිකාර ගන්නා පිරිස 70,301 දෙනෙකි.
මෙසේ රෝහල්ගතව සිටින්නේ ඊයේ උදෑසන 1691 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පසුවය. එම පිරිසද සමග මේ වන විට සුවපත්වූ සමස්ත කොවිඩ් ආසාදිත රෝගීන් ගණන 389,969 කි.