නවතම පුවත්

අමෙරිකාවේ ප්‍රමුඛතම ඉස්සන් අපනයනය රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාවත්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

අමෙරිකාවට ඉස්සන් අපනයනය කරන ප්‍රධාන රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට ඇතුළත් වී තිබේ.

ධීවර කටයුතු රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසන්නේ මෙරට ඉස්සන් වගාව මේ වසරේදී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බැවින් මෙම සාර්ථකත්වය අත්කරගැනීමට හැකිවූ බවය.

මෙම වසරේ මුල් මාස 6 තුළදී 2020 වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලයට සාපේක්ෂව දෙගුණයකටත් වඩා වැඩි ඉස්සන් අස්වැන්නක් අපනයනය කිරීමට ශ්‍රී ලංකා අපනයනකරුවන් සමත් වී තිබෙන බව ද හෙතෙම කියා සිටී.

මේ අනුව අමෙරිකාව විසින් ඉස්සන් ආනයනය කරනු ලබන ප්‍රධාන රටවල් 29 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් ව තිබේ.

මෙරට ඉස්සන් නිෂ්පාදන ඉතිහාසයේ ඉහළම නිෂ්පාදන වර්ෂය ලෙස දැනටමත් පත්වී ඇත්තේ මේ වර්ෂයයි.

පසුගිය වසර පුරාවට මෙරටින් ඉස්සන් අමෙරිකාව වෙත අපනයනය කර ඇත්තේ මෙට්‍රික් ටොන් 7360කි. එහෙත් මේ වසරේ ජනවාරි සිට ජුලි දක්වා කාලය තුළ පමණක් මෙට්‍රික් ටොන් 9410ක් දැනටමත් අපනයනය කර තිබේ.

අමෙරිකාවට ඉස්සන් අපනයනය කරන ප්‍රධානතම සැපයුම්කරුවා වන්නේ ඉන්දියාවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්