ප්‍රතිඵල ආවත් සතියක් යනතුරු ඡන්ද රැස්වීම්-පෙළපාලි තහනම්

Picture of අසංක

අසංක

හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කර සතියක් ඉක්ව‍ෙනතුර මැතිවරණයට අදාල රැස්වීම් සහ පෙළපාලි පැවැත්වීම තහනම් කෙරේ.

මැතිවරණය අවසන් වීමෙන් පසු සතියක් ඉක්මවන තුරු පවතින්නේ පශ්චාත් මැතිවරණ කාලය බැවින් එම කාලය තුළ බලපැවැත්වෙනුයේ මැතිවරණ නීතිය නිසා ඉහත ක්‍රියා තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ ජාලිය සේනාරත්න මහතා සදහන් කළේ ය.

එබැවින් පශ්චාත් මැතිවරණ කාලය තුළ මැතිවරණ නීතියට අනුකූලව කටයුතු කරන ලෙස ජාලිය සේනාරත්න මහතා දේශපාලන ආධාර කරුවන්ගෙන් ඉල්ලා සිටියි.