නවතම පුවත්

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්

Flood
අසංක

අසංක

අත්තනගල්ල, ගම්පහ, මිනුවන්ගොඩ හා ජා ඇල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් අත්තනගලු ඔය හා උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 06 ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම නිසා මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස එම ප්‍රදේශවල ජනතාවගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම ගංවතුර අවදානම මතුවී තිබේ.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මෙසේය.

“අත්තනගලු ඔය ද්‍රෝණියේ මධ්‍යම ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වනවිට සාමාන්‍ය වශයෙන්‌ මි.මී.150 කට අධික වර්ෂාපතනයක්‌ ලැබී ඇත. එම වර්ෂා තත්ත්වය සහ චාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින්‌ අත්තනගලු ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම්‌ , විශ්ලේෂණය අනුව ඉදිරි පැය 06 ක කාලය තුළ අත්තනගල්ල, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශවලට අයත්‌ අත්තනගලු ඔය සහ උරුවල්‌ ඔය නිම්න වල පහන්බිම්‌ ප්‍රදේශවලට සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක්‌ (සුඵ ගංවතුර තත්ත්වයක්‌) ඇතිවිය හැකි බවට අනතුරු අභවනු ලැබේ.

මේ තත්ත්වය සම්බන්ධයෙන්‌ දැඩි සැලකිල්ලකින්‌ කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන්‌ සහ ප්‍රදේශ හරහා ගමන්‌ ගන්නා වාහන පදවන්නන්ගෙන්‌ ඉල්ලා සිටිනු ලැබේ. මේ සම්බන්ධයෙන්‌ අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වලින්‌ ඉල්ලා සිටිනු ලැබේ. ”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්