උතුරු පළාතේ හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පවතින උණුසුම් කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් වී ස්වල්ප වැසි 16 හා 17 දෙදින තුල බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද දින රත්නපුර, කළුතර , ගාල්ල, මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක ප.ව. 2.00 න් පමණ පසුව ඇතිවියහැකි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය තව දුරටත් පවතී.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා ඇත.