ප්‍රභූ ඝාතන තැත ගැන ජනපතිගෙනුත් රහස් පොලීසියට ප්‍රකාශයක්

Picture of අසංක

අසංක

ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සකස් කල වාර්තාව ඉදිරි සති 02 ක කාලය තුළ නීතිපතිවරයා වෙත භාරදීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රහස් පොලීසිය අයත් අමාත්‍යාංශය තමා යටතට පත්කර ගැනීමෙන් අනතුරුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් කඩිනමින් සිදුවන බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු‌වේදී අද කියා සිටියේ ය.

ප්‍රභූ ඝාතන සිදුවීම සම්බන්ධයෙන් අවසානයේ ඉතිරිව ඇත්තේ තමාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම බවත් මීට දින 4 කට පෙර එය ලබා ගත් බව ද ජනාධිපතිවරයා මෙහිදී තහවුරු කළේය.

එබැවින් සති දෙකක් තුළ මේ පිළිබඳ මුළු රටටම දැන ගැනීමට හැකියාව ඇති බව ද ජනාධිපතිවරයා පැවැසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ වාර්තාව නීතිපතිවරයා වෙත බාර දීමෙන් පසු ඔහු නිසි ක්‍රියාමාර්ග ගනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.