නවතම පුවත්

“ප්‍රශ්න විසඳගමු අහිංසක දරුවන්ට දඬුවම් කරන්න එපා” – ඇමති සරත් ගුරුවරුන්ගෙන් ඉල්ලයි

අසංක

අසංක

අහිංසක දරුවන්ට දඬුවම් නොකරන ලෙසත්, කුමන හෝ ප්‍රශ්නයක් වේවා සාකච්ඡා කොට විසඳාගැනීමට හැකි බවත් ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

තමා ගුරුවරුන්ට බොහෝ ගරු කරන කෙනෙක් මෙන්ම තම ගුරුවරයෙක් පාරෙ දුටුවද වාහනෙන් බැසගොස් වඳින බවත් ඒ් ගෞරවය හැම ගුරුවරයෙක්ට ම තම සිත තුළ ඇති නමුත් වරදක් කරන්නේ නම් කවුරුන් වුවද නීතිය ක්‍රියාත්මක කරන බවත් හෙතෙම අවධාරණය කරයි.

විරෝධතාකරුවන් නිරෝධායනයට යොමු කරන ලද්දේ පොලීසියට වුවමනා නිසා නොව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ ලිඛිත ඉල්ලීමක් නිසා බව ද ඔහු ප්‍රකාශ කළේ කඩුවෙල කොට්ඨාශයේ නව පොලිස් ස්ථානය අද දින විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

“සියලු උද්ඝෝෂණ ඇතුළු ජන රාශිවීම රෝග ව්‍යාප්තියට බලපාන බව සඳහන් කරමින් පොලිස්පතිවරයාට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලිපියක් යවලා තිබ්බා. අපි දන්නවා ඉන්දියාවේ ජනරාශි වීම් වලින් තමයි විශාල ව්‍යසනයකට මුහුණ දෙන්න වුණේ. අපි උදේ ඉඳන්ම ඒ අයට විවිධ ආකාරයෙන් සන්නිවේදනය කළා, මෙවන් උද්ඝෝෂණ කළොත් රටේ නීතිය අනුව අත්අඩංගුවට ගන්නවා කියලා. ඒක අහන්නේ නැතිව නිරෝධායන නීති කඩකරමින් උද්ඝෝෂණ සිදුකළ නිසා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නියෝගය මත ඔවුන්ව පොලීසිය අත්අඩංගුවට ගත්තේ. ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කළාම ඇප මත නිදහස් වුණා. ඉන්පස්සෙ ඔවුන්ව නිරෝධායනයට යොමුකලේ පොලිසියට ඕන නිසා නෙමෙයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ගේ ලිඛිත ඉල්ලීමක් නිසා තමයි පොලිසිය ඔවුන්ව නිරෝධානය ට යොමු කළේ. පොලිසියට කාටවත් දොස් කියන්න බෑ. පොලිසිය කළේ අදාළ බලධාරීන්ගේ උපදෙස් මත මිසක් පොලිසියේ උවමනාවට නෙමේ.

“යහපාලන ආණ්ඩු කාලයේ මේ උද්ඝෝෂණ වලට සැලකුවේ කඳුළු, ගෑස්, ජල ප්‍රහාර, බැටන් පොලුවලින්. අපි උස්සගෙන ගියා මිසක් කවදාවත් ඒ ආකාරයෙන් සැලකුවේ නෑ. ඒ වගේම මේ පොලිස් නිලධාරීන් සමහර වෙලාවට අවම පහසුකම් යටතේ වැස්සේ තෙමෙමින්, අව්වේ වේලෙමින් පැය 12ක් රාජකාරි කරන කොට්ඨාශයක් බොහෝ වෙලාවට ඔවුන්ගේ නිවාඩු අවලංගු වෙනවා. ඔවුන් කළේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දීපු නියෝග ක්‍රියාත්මක කරන එකයි. ඔවුන්ට දෝෂාරෝපණය කිරීම වැරදියි. අපේ අඩුපාඩු තියෙනව නම් අපි හදා ගන්නවා.”

මට ලැබිච්ච අධ්‍යාපනය සමඟ මම ගුරුවරුන්ට බොහෝ ගරු කරන කෙනෙක්. මගේ ගුරුවරයෙක් පාරෙ දැක්කත් වාහන බැහැලා ගිහිල්ලා වදිනවා. ඒ් ගෞරවය හැම ගුරුවරයෙක්ට ම තියෙනවා. වරදක් කළොත් ගුරුවරයෙක් හෝ වෙන කවුරු වුනත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. අපි ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා අහිංසක දරුවන්ට දඬුවම් කරන්න එපා කියලා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරල විසදගන්න පුළුවන්” බව මහජන ආරක්ෂක අමාත්‍ය ක්‍රියාත්මක ආචාර්ය සරත් වීරසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙක්ද සහභාගි විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්