දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ඔක්තෝබර් 25 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි
සියලුම පාසැල්වල ප්‍රාථමික ශ්‍රේණියේ අධ්‍යාපන කටයුතු ඇරඹීමේදී ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවන් අනුගමනය කිරීමට අධ්‍යන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල කටයුතු කළ යුතු බවද මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කර සිටි.
කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ඉකුත් අප්‍රේල් මාසයේදී දිවයිනේ සියලු පාසැල් වසා දැමුණු අතර පසුව ළමුන් 200ට අඩු පාසැල් පමණක් පසුගිය 21 වෙනිදා සිට නැවත ඇරඹීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගනු ලැබීය .