පාතාලේ වැඩකරුවෙක් හා ළමා අපචාරකයෙක් ජනපතිවරණයට

Picture of අසංක

අසංක

මිනිස් ඝාතන හා තැත්කිරීම් ආදී අපරාධ සමග නම කියවෙන පාතාලයට සම්බන්ධ පුද්ගලයකු හා ළමා අපචාර චෝදනා එල්ල වූ අයෙක් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇතැයි ඉතා විශ්වාස කටයුතු තොරතුරු ‘ද කළම්බෝ එක්ස්ප්‍රස්’ වෙත වාර්තා වේ.

මේ වනවිටත් ඔවුන් දෙදෙනා ජනපති අපේක්ෂකත්වය වෙනුවෙන් මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත් කර ඇති බව එම තොරතුරු හෙළිකරයි.

මෙම පුද්ගලයන් දෙදෙනා පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු බුද්ධි අංශ බලධාරීන් ඇස ගසාගෙන සිටින බව ද සඳහන් ය.

පාතාලයට සම්බන්ධ අයකු දේශපාලන පක්ෂයක් මිලදී ගත් බවට මුල්වර අනාවරණය කරන ලද්දේ ද ‘ද කළම්බෝ එක්ස්ප්‍රස්’ විසිනි.

එම පුවත පහතින්

පාතාලයට සම්බන්ධ හෝටල් හිමිකරුවෙක් දේශපාලන පක්ෂයක් මිලට අරන්