පානදුර පොලීසියේ පැහැරගත් ගිනි අවි පාතාල කල්ලියක් අතට!

Picture of අසංක

අසංක

පානදුර උතුර පොලීසියේ අවි ගබඩාවේ තිබී නැතිවූ ටී6 ගිනි අවි දෙක ද අපරාධ කල්ලියක් අතට පත්ව ඇතැයි පොලීසිය වෙත සැක මතුවී තිබේ.

පසුගිය 4 වැනිදා මෙම ගිනි අවි නැතිවූ බව සොයාගෙන ඇති අතර ඒ පිළිබද විමර්ශනයක් ද ක්‍රියාත්මක ය.

මීට කලකට පෙර පානදුර දකුණ පොලීසියේ අවි ගබඩාවේ තිබී ගිනි අවි 4ක් නැතිවූ අතර ඒවා පාතාල කල්ලි සාමාජිකයන් අතර තිබී පසුව සොයාගැනිණ.

ඒවා පාතාල කල්ලි වෙත අලෙවි කර තිබුණේ පානදුර දකුණ පොලීසියේ රථවාහන අංශයේ නිලධාරියෙක් විසිනි.

එමෙන්ම 2016 වසරේදී ද අලුත් අවුරුදු දිනය දා ලග්ගල පොලීසියේ අවි ගබඩාවේ තිබූ ආයුධ කිහිපයක් අතුරුදන් වී පසුව සොයාගැනුණේ විහාර භූමියක තිබියදී ය.

එම ගිවි අවි පැහැරගත් සකකරුවන් අදටත් අනාවරණය වී නැත.