නවතම පුවත්

පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදන මිල ඉහළට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


පැතුම් වික්‍රමරත්න

සියලුම බේකරි නිෂ්පාදනවල මිල ලබන සඳුදා (23 වැනිදා) සිට ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කර සිටී .

ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් ද, රෝස්පාන්, බනිස්, කිඹුලා බනිස් සහ මාළුපාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනයන් රුපියල් 10 බැගින් ද, කේක් කිලෝවක් රුපියල් 100 කින් ඉහළ දැමූ බව කී ජයවර්ධන මහතා බේකරි කාර්මාන්තයට සම්බන්ධ බොහෝ දේවල්වල මිල ඉහළ යෑම පිළිබඳව අවදානය යොමු කරමින් කර්මාන්තයේ අනාගතය දෙස බලා මිල ඉහළ දැමූ බවත් සඳහන් කළේය.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසුවේ මෙම මිල ඉහළ දැමීමට විශේෂයෙන්ම මේ වන විට සීනි මිල ඉහළ යෑම මෙන්ම කිලෝ 37.5 විශාල ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක මිල මාස දෙකට පමණ පෙර රුපියල් 900 කින් පමණ ඉහළ දැමීම දැඩි බලපෑමක් කළ බවත් පාන් පිටි මිල සුළු වශයෙන් ද ඉන්ධන සහ මාගරින් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදන සඳහා වන අමුද්‍රව්‍ය මිල වැඩිවී  ඇති බවත්ය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්