නවතම පුවත්

වෛද්‍යවරු 200කට කොවිඩ් 3ක් මියගිහින්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


පැතුම් වික්‍රමරත්න

දිවයින පුරා වෛද්‍යවරු 209 දෙනකුට කාරෝනා ආසාදිත වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කර සිටී .

මේ වන විට වෛද්‍යවරු 30ත් 40ත් අතර ප්‍රමාණයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, එක් වෛද්‍යවරයෙක් අසාධ්‍ය තත්ත්වයෙන් හදිසි ප්‍රතිකාර ඒකකයක ප්‍රතිකාර ලබන බවද එම සංගමය සදහන් කර ඇත ..

ගාල්ල කරාපිටිය රෝහලේ හදීසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඉඳුරුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා එසේ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවද එම සංගමයයේ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත  පැවසීය.

කොරෝනා වයිරසයේ සංකූලතා හේතුවෙන් මේ වන විට වෛද්‍යවරු තිදෙනකු මියගොස් ඇති බව ද එම ප්‍රකාශකයා සදහන් කළේය.

කෑගල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා, රාගම රෝහලේ වෛද්‍යවරු දෙදෙනකු කොරෝනා රෝගයෙන් මේ වන විට එසේ ජීවිතක්ෂයට පත්වූ වෛද්‍යවරු තිදෙනාය.

වෛද්‍යවරුන්ට කොරෝනා රෝගය වැළැදීම ඉතාමත් වේගයෙන් සිදුවන බවත් වෛද්‍යවරුන් ලෙඩවීමෙන් ළඟම ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කළ යුතුව ඇති බැවින් වෛද්‍ය ක්ෂේත්‍රයේ බොහෝ පිරිස් සේවාවලින් ඉවත් විම තුළ විශාල අර්බුදයක් මතුව ඇතැයි ද එම සංගමය වැඩිදුරටත් පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්