නවතම පුවත්

පාර්ලිමේන්තුවට නොදන්වා කබ්රාල්ටත් – මහේන්ද්‍රන්ටත් දැනටමත් විශ්‍රාම වැටුප් වෙන්කරලා – සජබෙන් චෝදනා

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

වත්මන් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට සහ හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට හිඟ වැටුප් ද සමඟින් මුදල් බලය ඇති පාර්ලිමේන්තුවටවත් නොදන්වා, විශ්‍රාම වැටුප් ගෙවීමට සියලු කටයුතු සිදුකර ඇති බව සමගි ජනබලවේගයේ මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය චෝදනා කරයි.

දැනටමත්  රුපියල් මිලියන 7ක් ගෙවීමට සියලු ලියකියවිලි සකස් කර ඇතැයි ඇය ඊයේ (01) පාර්ලිමේන්තුවේදී පැවසීය.

හිටපු මහබැංකු අධිපතිවරයකු ද වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙම විශ්‍රාම වැටුප අනුමත කරවාගෙන ඇත්තේ වත්මන් මහබැංකු අධිපතිවරයා ලෙස වැටුප් ලබමින් වීම ලැජ්ජාවට කරුණක් බව ඇය සඳහන් කළාය.

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ‍ජනාධිපති කොමිශන් සභා වාර්තාවල පවා නම් ඇති මොවුන්ට විශ්‍රාම වැටුප් අනුමත කර ඇත්තේ ‘සර්වබලධාරී ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර’ බව ද ඇය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

“මහ බැංකුවේ අධිපතිතුමාට  අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමාට දැන් විශ්‍රාම වැටුප හදලා ගෙවලත් ඉවරයි. මුදල් බලය තියෙන පාර්ලිමේන්තුව දන්නෙත් නෑ. මම දන්නෙ නෑ දන්නවාද  කියලා අපි නම් දන්නේ නෑ. දැන් අධිපතිකමේ ඉන්න ගමන්ම එතුමා මාසේ පඩියත් ගන්නවා. අනුමැතිය දීලා තියෙන්නේ සර්වබලධාරී ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර. අජිත් නිවාඩ් කබ්රාල් වගේ ජනාධිපති කොමිසමේ වාර්තාවල නම තියෙන, එහෙම නැත්නම් නඩු දාල තියෙන, අපේ ආණ්ඩුව විනාශ කරන්න ආපු ඔන්න අර්ජුන මහේන්ද්‍රන්ටත්  විශ්‍රාම වැටුප ගෙවන්න හදලා තියෙනවා. හිඟ මුදලුත් එක්කම. දැන් විශ්‍රාම වැටුප වෙන් කරලා ඉවරයි. මේ ගැන පාර්ලිමේන්තුව දන්නවාද කියලා මම අහනවා. කවදද මේවට  පාර්ලිමේන්තුවේ අනුමැතිය දුන්නේ? ඒ වගේම අර්ජුන් මහේන්ද්‍රන්ට, අජිත් නිවාඩ් කබ්රාල්ට රුපියල් මිලියන හතක විශ්‍රාම හිඟ වැටුප් ගෙවන්න ඒ අයම අනුමත කරගෙන තියෙනවා. ඇත්තටම හරිම ලැජ්ජයි. එක්කෙනෙකුට මිලියන 4යි. අනිත්  කෙනාට මිලියන තුනයි. ඒ කියන්නේ කෙනෙකුට ලක්ෂ 40යි. අනිත් එක්කෙනාට ලක්ෂ 30යි. එක්කෙනෙකුට නම් ගෙව්වා. අනිත් එක්කෙනා නඩුව ඉවර වෙලා ආපුහාම ගෙවන්න කොළ පුරවලා තියාගෙන ඉන්නවා. මෙන්න මෙහෙමයි ආණ්ඩුව ගුරුවරුන්ගේ, රජයේ සේවකයන්ගේ වැටුප් කපලා මහ බැංකු හොරා කෑවා කියන අයට ඒ වගේම මේ ආර්ථිකය විනාශ කරපු මිනිස්සුන්ට විශ්‍රාම වැටුප් ගෙවන්නේ මෙන්න මේ ආකාරයටයි කියන එක මං මේ වෙලාවේ බොහොම කණගාටුවෙන් ප්‍රකාශ කර සිටිනවා.” යැයි ද රෝහිණී කවිරත්න මහත්මිය කීවාය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්