පාර්ලිමේන්තුවේ ආසන පැනවීම් අවසන්

Picture of අසංක

අසංක

ආණ්ඩුවේ නව පත්කිරීම්වලට අනුව පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ කටයුතු දෙසැම්බර් මස 3 දින රැස්වීම වෙනුවෙන් සූදානම් කර ඇතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

මහලේකම්වරයා උපුටා දක්වමින් රජයේ නිලපුවත් වෙබ් අඩවියට මේ බව පැවැසීය.

හෙට දින පත් වන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නාම ලේඛනය ද ලබුණු පසු ආසන පැනවීම් සියල්ල අවසන් කෙරෙන බවත් මහලේකම්වරයා පැවසීය.

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම සම්බන්ධව කළ විමසීමට පිළිතුරු දුන් මහලේකම්වරයා සඳහන් කළේ, මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් සිදු කළ නොහැකි බවයි.