දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNF) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා අද (07) කොළඹදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (ජූනි 6) දින මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනම් කළේය.
මීට හේතුවූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා මන්ත්‍රීවරයා ඊයේ රාත්‍රියේ දැන්වීමක් ලද බවත් හෙට(08) පෙරවරු 10ට එම ප්‍රකාශ ලබාගැනීමට මරදන්කේනි පොලීසියට පැමිණෙන ලෙස තමාට දැන්වූ බව මන්ත්‍රීවරයා කියයි.
තමා මේ පිළිබඳ වරප්‍රසාද ප්‍රශ්නයක් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, පාර්ලිමේන්තු සැසි අවසන් වූ පසුව තම ප්‍රකාශය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඊයේ පස්වරුවේ කථානායකවරයාට දැන්වූ බව හෙතෙම කියයි.
හෙට ප්‍රකාශයක් ලබාදෙන ලෙස දන්වා තිබියදී පොලීසිය අද පෙරවරු 6.30ට පමණ තම නිවසට පැමිණ ප්‍රකාශයක් ලබාගැනීමට යයි පවසා තමාව ගෙනයාමට පැමිණි බව මන්ත්‍රීවරයා කීය.
ඒ අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව පෙන්වන ලෙස ඔහු පොලීසියෙන් ඉල්ලා සිටි අතර, කෙසේ හෝ අවසානයේදී මන්ත්‍රීවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.