පාර්ලිමේන්තු සමස්ත මාධ්‍ය භාවිතය ගැන අලුතින් සළකා බැලේ

Picture of අසංක

අසංක

පාර්ලිමේන්තුව තුළ සමස්ත මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් යළි සළකා බැලීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කමිටුව පියවර ගෙන තිබේ.

පක්ෂ නායකයන් ද සහභාගි වන එම කමිටුව විසින් මේ පිළිබඳ වන තීරණය ඉදිරියේදී ගැනීමට නියමිත බව කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා පවසයි.

එමෙන්ම කෝප් කමිටු රැස්වීම් සඳහා මාධ්‍ය ආවරණය අත් හිටුවීමේ තීරණයක් COPE කමිටුව ගෙන නොමැති බව ද සභාපතිවරයා අවධාරණය කරයි.

COPE කමිටුව ඔක් 6 මේ පිලිබද අවසන් තීරණය ගැනීමට එකගවී ඇතැයි ද හෙතෙම කියා සිටී.