නවතම පුවත්

නව වසංගත පාලනය කළ ලොව දෙවැනි රට ශ්‍රී ලංකාවයි – ගෝලීය වාර්තාවක් කියයි

අසංක

අසංක

නවතම වසංගත පාලනය පිළිබඳ ලෝක සමීක්ෂණයේ දෙවන ස්ථානයට ශ්‍රී ලංකාව නම් කිරීමට චීනයේ YICAI පර්යේෂණ ආයතනය විසින් පවත්වන ලද ගෝලීය සමීක්ෂණ වාර්තාවක් පියවර ගෙන තිබේ.

එය COVID-19 සටනේදී ශ්‍රී ලංකාව මෙතෙක් ලබා ඇති ඉහළම ශ්‍රේණිගත කිරීමයි.

කොරෝනා මඬින සටනේදී ශ්‍රී ලංකාව කිසිදු පක්ෂග්‍රාහීත්වයකින් තොරව ගෝලීය පිළිගැනීමක් ලැබිය යුතු බව මෙරට චීන තානාපති කාර්‍යාලය පවසයි.

චීනයේ විශාලතම මූල්‍ය මාධ්‍ය සමූහය වන යිකායි මාධ්‍ය සමූහයේ කොටසක් වන යිකායි පර්යේෂණ ආයතනය විසින් සමීක්ෂණය කරන ලද රටවල් 108 න් මෙම ලැයිස්තුගත කර ඇත.

කෝවිඩ් -19 වසංගත වැළැක්වීමේ පියවර, ආර්ථික ප්‍රකෘති කිරීමෙ පියවර ගැනීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව ආදිය පදනම් කරගෙන මෙම සමීක්ෂණය කර ඇත.

පසුගිය 22 වන දින නිකුත් කරන ලද මෙම වාර්තාවට අනුව වසංගත පාලනය අතින් හොඳම රටවල් 10 න් නවයක්ම ආසියා පැසිෆික් කලාපයේ රටවල් ය.

එනම් දකුණු කොරියාව, ශ්‍රී ලංකාව, මියන්මාරය, තායිලන්තය, වියට්නාමය, කාම්බෝජය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල්‍ ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්