නවතම පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරය වැළක්වූයේ නැති පොලිස් ලොක්කෝ රැසකට චෝදනා පත්‍ර ගොනු වෙයි

අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියාත්මක නොවීම ගැන පොලීසියේ ඉහළ නිලධාරීන් රැසකට එරෙහිව ජාතික පොලිස් කොමිසම විසින් විනය පරීක්ෂණයක් පවත්වා චෝදනා පත්‍ර ගොනුකිරීමට අද තීරණය කර තිබේ.

ඔවුන් අතුරින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්, ලලිත් පතිනායක, ප්‍රියලාල් දසනායක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අලහකෝන්, පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර ඇතුළු පිරිසක් සිටින බවට ජාතික පොලිස් කොමිසමේ අභ්‍යන්තර ආරංචි අනාවරණය කළේය.

මෙසේ චෝදනා ලැබූ නිලධාරීන් ඉදිරි දින කිහිපය තුළ ඔවුන් දැනට සේවය කරන ස්ථානවලින් මාරු කිරීමට අද රැස්වූ කොම්සම තීරණය කර ඇත.

මොවුන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ජාතික පොලිස් කොමිසමට නීතිපතිවරයා ද දැනුම් දී ඇත.

මෙම නිලධාරීන්ට එරෙහිව පවතින අපරාධ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස ද නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්