නවතම පුවත්

පාස්කු කොමිසමේ කාලය මසකින් දීර්ඝ කිරීමේ ඉල්ලීමක්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාස්කු ප්‍රහාරය සම්භන්ධව විමර්ශන පවත්වන ජනාධිපති කොමිසමේ කාලය ලබන 20වෙනි දින අවසන් වීමට නියමිතව ඇතත් , තවත් වැදගත් සාක්‍ෂිකරුවන් කිහිපදෙනෙකුගේ , සාක්‍ෂි විමසීමට ඇති බැවින් , කොමිසමේ කාලය තවත් මසකින් දීර්ඝ කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි කොමිසමේ ආරංචිමාර්ග අනාවරණය කර සිටී .

කොමිසමේ පොලිස් ඒකකය විසින් මේ දක්වා පුද්ගලයින් 1600 කගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇත . නමුත් කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදී ඇත්තේ 500 කට ආසන්න පිරිසක් පමණි .

වසරකට වැඩි කාලයක් තිස්සේ මෙම පාස්කු කොමිසමේ සාක්ෂි විභාගය සිදුවන අතර අවස්ථා දෙකකදීම  කොමිසමී කාලය දීර්ඝ කර ඇත .

කොමිසමේ කාලය දීර්ඝ කිරීම සම්භන්ධයෙන් මෙතෙක් ජනාධිපති කාර්යාලයෙන් නිළ දැනුම් දීමක් කර නැතත් , ලබන 21 වනදාද සාක්ෂි විමසීමට සාක්ෂිකරුවන් කැඳවා ඇත .

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණ අධීක්ෂකයා වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගෙන්ද මෙතෙක් කොමිසම සාක්‍ෂි  විමසා නැත .

මේ දිනවල පාස්කු කොමිසම හමුවේ මෙතෙක් ඉදිරිපත් වූ සාක්‍ෂි සම්පිණ්ඩනය කරමින්, කොමිසම් වාර්තාවක්  සකස්කෙරෙමින් ඇති බවද දැනගන්නට ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්