නවතම පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය බව ජගත් සංවිධානය යළි අවධාරණය කරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2019 වර්ෂයේ ශ්‍රී ලංකාව තුළ සිදුවූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතු බව දිගින් දිගටම ශ්‍රී ලංකා රජය වෙත දැනුම්දුන් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පවසයි.

ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා විසින් නිකුත් කළ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් එහි නියෝජ්‍ය මහ කොමසාරිස් නාදා අල් නෂීෆ් මේ බව පැවසුවාය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 54 වන සැසිවාරයේ පළමු දිනයට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මානව හිමිකම් කොමිසමේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය පැවසුවේ 2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා දිගින් දිගටම පැවසූ බවය.

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසු විපරම් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට මානව හිමිකම් මහකොමසාරිස්වරයා නිර්දේශ කර ඇති බවද මෙහිදී නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය සඳහන් කර සිටියාය.

මෙම පරීක්ෂණය සඳහා ජාත්‍යන්තර විමර්ශන නිලධාරීන්ගේ සහාය ලබාගන්නා ලෙසත් එය විනිවිදභාවයකින් යුතුව සිදුකළ යුතු බවත් මේ සඳහා පාස්කු ප්‍රහාරයේ සියලුම වින්දිතයින් ඇතුළත් විය යුතු බවත් මානව හිමිකම් මහකොමසාරිස්වරයා සිය නිර්දේශ තුළ ඇතුළත් කර ඇත.

මේ අතර මානව හිමිකම් කොමිසම විසින් ශ්‍රී ලංකාවට එල්ලකර ඇති චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු වගවීමේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් ද මෙහිදී මානව හිමිකම් මහකොමසාරිස්වරයා විසින් කරුණු පැහැදිළි කර ඇත.

ශ්‍රී ලංකාවේ වර්තමානය සහ අනාගතයේ සුරක්ෂිතතාවය සඳහා මෙම වගවීමේ යාන්ත්‍රණය නිවැරදිව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බවද එම නිවේදනයෙන් මහකොමසාරිස්වරයා පෙන්වා දී තිබේ.

මේ අතර ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය සිදුවී වසරක් ගතවුවද දිගුකාලීන අභියෝගවලට මුහුණදිය හැකි බලාපොරොත්තු වූ පරිදි පරිවර්තනයක් තවමත් සිදුව නොමැති බවද මානව හිමිකම් මහකොමසාරිස්වරයා සිය වාර්තාවෙන් පවසයි.

එසේම සත්‍ය සෙවීම පමණක් නොව වගවීමේ ක්‍රියාවලිය පිළිබඳවද පැහැදිළි කැපවීමක් දේශපාලන යාන්ත්‍රණය තුළ තිබිය යුතු බවද මානව හිමිකම් මහකොමසාරිස් ශ්‍රී ලංකාව පිළිබදව සිය වාර්ෂික වාර්තාවෙන් පෙන්වාදෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්