නවතම පුවත්

පාස්කු ප්‍රහාරයට යොදාගත් බෝම්බ හැදූ රසායනික තොගයක් වත්තලින්

අසංක

අසංක

දම්පත් රණසිංහ

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට භාවිත කළ බෝම්බ සැකසීම සඳහා යොදාගෙන තිබූ වර්ගයට අයත් සල්ෆියුරික් ඇසිඩ් පිරවූ කෑන් 138 ක් වත්තල අක්බාර් ටවුම ප්‍රදේශයේ දී සොයාගෙන තිබේ.

ඒ කිරිබත්ගොඩ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

ඊයේ පොලිස් පරීක්ෂාවක් කිරීමට යාමේදී තම ත්‍රී රෝද රථ අතහැර පුද්ගලයකු පලාගොස් ඇත.

එම ත්‍රී රෝද රථයේ සල්ෆියුරික් ඇසිඩ් පිරවූ බූලි 40 ක් තිබී ඇත.

ත්‍රි රෝද රථයේ අංකය පිළිබඳ සොයාබලා අක්බාර් ටවුමේ නිවසක් පරීක්ෂා කිරීමේදී එම නිවසේද සගවා තිබී සල්ෆියුරික් ඇසිඩ් පිරවූ බූලි 98 ක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

ත්‍රිරෝද රථය අතහැර පලාගිය සැකකරු මොහොමඩ් අජ්මීර් නැමැත්තෙකි.

අක්බාර් ටවුමේ නිවසේ හිමිකරුද ඔහු බවත් අනාවරණය වී තිබේ.

මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින ඔහුට එම ඇසිඩ් ලැබී ඇතැයි හෙළිවී ඇත්තේ ජා-ඇල දූව වත්තේ පිහිටි ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවකින් බවද පොලිස් පරීක්ෂණ වලින් හෙළිවී තිබේ.

එම කර්මාන්ත ශාලවේ හිමිකරු පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ එම ඇසිඩ් විනාශ කිරීමට අජ්මීර්ට ලබාදී ඇති බවකි.

කාලයක් තිස්සේම කර්මාන්ත ශාලාවෙන් ඉවත දමන ඇසිඩ් ඔහුට ලබාදෙන බවද කර්මාන්ත ශාලාවේ හිමිකරු පවසා ඇත.

කර්මාන්ත ශාලාවට ඇසිඩ් ලබාදී ඇත්තේ දෙහිවල ව්‍යාපාරිකයෙක් විසිනි.

ඔහුට පොලීසියට පැමිණෙන ලෙස දැනුම් දී ඇතත් අද දහවල් වන තුරුම ඔහු පොලීසියට පැමිණ නැත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්