නවතම පුවත්

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට ලෝක මුස්ලිම් ලීගයෙන් ඩොලර් මිලියන 05ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

21/04 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 05 ක මුදලක් ප්‍රදානය කරන බව ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම් සහ ජාත්‍යන්තර මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය මොහොමඞ් බින් අබ්දුල් කරීම් අල්ඉසා ඊයේ (30) ප්‍රකාශ කර සිටියා ඒ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති සාමය, සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව අමතමින් ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම් සහ ජාත්‍යන්තර මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ සභාපතිවරයා ඒ බව සඳහන් කර සිටියා.

සාමය, සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වනු ලැබුවා.

මෙම උත්සවයට මහනායක හිමිවරුන් ඇතුළු මහා සංඝ රත්නයත් අනෙකුත් ආගමික නායකයන්, හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි