නවතම පුවත්

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව චෝදනා ලැබූ පොලිස් කණ්ඩායම අස්ගිරි මහනායක හිමි හමුවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


දම්පත් රණසිංහ

පාස්කු ඉරිදා එල්ලවුණු ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට නිසි පියවර නොගත්තේ යැයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ ජනාධිපති කොමිසමෙන් චෝදනා එල්ලවුණු පොලිස් නිලධාරීන් පිරිසක් ඊයේ(19) පෙරවරුවේ අස්ගිරි මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් හමුවේ සිය දුක්ගැනවිලි පවසා ති‍බේ.

එම ප්‍රහාරය වලක්වා ගැනීමට තමන්ට නිසි උපදෙස් නොලැබුණු බවත් දැන් තමන් වෙනුවෙන් කිසිවෙකුත් පෙනීනොසිටින බවත් සදහන් කරමින් ඔවුන් මෙලෙස සංඝරත්නය හමුවේ මැසිවිලි නගා ඇත. පාස්කු කොමිසමෙන් මෙම නිලධාරීන්ට අපරාධමය චෝදනාත්, රාජකාරි පැහැර හැරීමේ චෝදනාත් එල්ලකර තිබේ.

අනතුරුව මහ නායක හිමියන්ට සන්දේශයක් භාරදෙමින් එම නිලධාරීන් ඉල්ලා සිටියේ මේ ගැන වගකිව යුතු අය දැනුවත්කර සාධාරණයක් ඉටුකර දීමට මැදිහත් වන ලෙසය. මෙම නිලධාරීන් සියළුම මහනායක හිමිවරුන්ටත් අනුරාධපුරයේ අටමස්ථානාධිපති  හිමි ඇතුළු නායක හිමිවරුන්ටත් එම සන්දේශය භාරදීමට නියමිතය.

මෙම කණ්ඩායම නියෝජනය කළ පොලිස් නිලධාරීන් අතර පොලීසියේ දෙවැනියා වන පොලිස් පරිපාලන අංශයභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, බස්නාහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නුවරඑළිය නියෝජ්‍ය පොලිස්පති චන්දන අතුකෝරාල යන මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙන්ම කණිෂ්ඨ නිලධාරීන් 20 කට වැඩි පිරිසක් සිට ඇත.

පාස්කු ප්‍රහාරය එල්ලවූ සමයේ එම ප්‍රහාර එල්ලවුණු ප්‍රදේශවල රාජකාරියේ නිරතවීම යන හේතුව මත පමණක් පදනම්කරගෙන පොලිස් නිලධාරීන්ට විනය හා අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම අසාධාරණ බව මෙම නිලධාරීන් අස්ගිරි   මහා නායක හිමියන් හමුවේ පෙන්වා දී ඇත.

යහපාලන ආණ්ඩුව යටතේ තමන්ට සිදුවූයේ සංහිදියාව යටතේ ක්‍රියාත්මක වීමට බව සදහන් කරමින් මෙම නිලධාරීන් පෙන්වා දෙනු ලැබුවේ මේ කිසිදු පොලිස් නිලධාරියෙක් ප්‍රහරයන්ට කිසිදු දායකත්වයක් ලබාදී නොමැති බවය.

එම ප්‍රහාරය ගැන තොරතුරු ලද වහාම අප්‍රමාදව නිලධාරීන් දැනුවත්කරමින් අවශ්‍ය පියවර ගත් බවද මෙහිදී එම නිලධාරීන් නායක හිමියන්ව දැනුවත් කරනු ලැබීය. ඒ බව පාස්කු කොමිසමේදී පවා සාක්ෂි සහිතව ඔප්පු වූ බව  මෙන්ම ලද බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියා මාර්ග ගැන පොලිස් නිලධාරීන්ට නිෂ්චිත උපදෙසක් ලැබී නොතිබුණු බවද මහනායක හිමියන්ට පෙන්වා දුන්නේය.

එවන් තත්වයක් හමුවේ ඒ නිලධාරීන්ට විනය හා අපරාධමය පරික්ෂණ පවත්වන්න යැයි  ජනාධිපති කොමිසන් සභාවෙන් නියම කරල තිබෙන බවද එම නිලධාරීන් මහනායක හිමියන්  හමුවේ සදහන් කළේය. තිස් අවුරුදු යුද්ධය පැවැති සමයේදී  ජීවිත අවධානම නොතකා රට වෙනුවෙන් කැපවී ක්‍රියා කල නිලධාරීන් පවා මේ අතර සිටින බවත් ඒ අයගෙන් කිහිප දෙනෙක් මෑතකදී පොලිස් සේවයෙන් විශ්‍රාම යාමට නියමිතව සිටින බවත් පෙන්වා දෙමින්  මහ නායක හිමියන් හමුවේ සදහන් කරන්නට වූයේ එම නිලධාරීන්ට දැන් විශ්‍රාම වැටුප පවා අහිමි වීමේ අවධානමක් මතුව ඇති බවය. මේ තත්වය මත නිලධාරීන් මානසිකව ඇද වැටී ඇති බවද ඔවුන් පෙන්වා දෙනු ලැබීය.

අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව එම පොලිස් නිලධාරීන් අතර සිටි  මොණරාගල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර මහතා මාධ්‍ය අමතමින් මෙසේ සදහන් කළේය.

“එවකට පැවැති යහපාලන රජය මේ තොරතුර දැනගෙන ඒ තොරතුර  සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියා මාර්ගය පිළිබද කිසිදු පැහැදිලි නියෝගයක් ලබා නොදී මේ පිළිබද තොරතුරු සොයන්න විතරක් අපිට දැනුම් දීල තියෙන අවස්ථාවකදීයි මේ ප්‍රහාරය සිද්ධ වුනේ. අද වන විට ඒ යහපාලන රජය පත්කරපු කොමිසන් සභාව  දුන්න අසාධාරන තීන්දුව හින්දා හෙට දවසේ  අපිට එල්ලුම් ගහ හිමිවෙනවා. හිර ගෙදර තපින්න සිදුවෙනවා. නැත්තම් රැකියාව අහිමි වෙලා වෙනත් රැකියා වකට යන්න බැරිව ගෙදර යන්න සිද්ද වෙනවා. ඒ යහපාලන රජය ගත්ත අසාධාරණ තීන්දුවේ ප්‍රතිපලය සමස්ත පොලීසියම කඩා වැටිල. කාදිනල් උන්වහන්සේ කථාකරන එක සාධාරණයි. අපි වෙනුවෙන් කථාකරන්න කිසිම කෙනෙක් මේ වෙනකොට ඉදිරිපත් වෙලා නැහැ. මේ ප්‍රහාරය එල්ලකලේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම්. ප්‍රහාරයට ලක්වුනේ කතෝලික ජනතාව හැබැයි අද දඩුවම් විදින්නේ මේ සියළු දෙනා වෙනුවෙන් සිංහල බෞද්ධ පොලිස් නිලධාරීන්.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්