නවතම පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ හිටපුු නීතිපතිත් CIDයට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


දම්පත් රණසිංහ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ආන්දෝලානාත්මක ප්‍රකාශය පිළිබඳ හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමට ඉදිරියේදී ක්‍රියාකරනු ඇතැයි ආරක්‍ෂක ලේකම්, ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පවසයි.

ආරක්ෂකඅමාත්‍යාංශයේදී ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් ආරක්ෂක ලේකම්වරයාට යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එසේ පැවැසීය.

ප්‍රශ්නය – “හිටපු නීතිපතිතුමා පාස්කු ප්‍රහාරය විශාල කුමන්ත්‍රණයක් කියල ඔහුවත් සී.අයි.ඩී.යට කැදවල ප්‍රශ්න කිරීමක් කරනවද? හිටපු නීතිපතිවරයාව සී.අයි.ඩී.යට ගෙන්වල ප්‍රශ්න කිරීමක් කරන්න පුළුවන්ද?”

පිළිතුර – “බැරිකමක් නැහැ. නීතිපතිතුමා එම තනතුරෙන් ගියාට පස්සේ ඔබත් මමත් වගේම සාමාන්‍ය පුරවැසියෙක්. ඔබතුමා කියපුදේ ගැන අපිත් සැළකිල්ලට භාජනය කරල තියෙනවා. කවුරුඋනත් ප්‍රකාශයක් කරල තියෙනව නම් එය සී.අයි.ඩී.යේ පරීක්ෂණයලට අවශ්‍ය දෙයක් නම් අපි ඒ ගැන පරීක්ෂණ පවත්වනවා. ඉදිරියේදී ඒ ගැන සී.අයි.ඩී.ය ක්‍රියා මාර්ගයක් ගනියි.”

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාද සහභාගිවී සිටි එම මාධ්‍ය හමුවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා මෙසේද කීය.

“තවත් පිරිසක් විසින් මහජන මතයක් ගොඩනගන්න හදනවා. ජනාධිපතිතුමා ඒ කාලේ බලයට එන්න කරපු කුමන්ත්‍රණයක් කියලා. මේ ජනාධිපතිතුමාව ඇදල ගන්න හදනවා මේකට. මම ආරක්ෂක ලේකම්වරයා විදිහට ඉතාමත්ම වගකීමෙන් කියනවා අපේ පොලීසිය සී.අයි.ඩී. එක සෑහෙන දුරට මේ ගැන පරීක්ෂණ පවත්වල තියෙනවා. තවදුරටත් කරගෙනත් යනවා. උසාවියේ නඩු දාලත් තියෙනවා. නඩුවිභාගයට විනිසුරු මඩුල්ලක් පවා අගවිනිසුරුතුමා විසින් පත්කරලත් තියෙනවා. ඒ නිසා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ බොරු මති මතාන්තර වලට රැවටෙන්න එපා කියල.”

“මට කණගාටුයි, කාදිනල් තුමා වරින් වර ප්‍රකාශ නිකුත්කරල තිබුණ. ඒ උන්වහන්සේගේ මතය. අපි සෑහෙන ගමනක් ඇවිල් තියෙනවා.කාදිනල්තුමා ඒ ප්‍රකාශ කලාට පස්සේ බුද්ධි අංශවල නිලධාරීන් සහ පොලීසියේ නිලධාරීන් කතෝලික බිෂොප් තුමන්ලාගේ එකතුවට ගිහිල්ල පැය හතරක විතර කරුණු පැහැදිලි කිරීමක් කලා. අවාසනාවකට එදා කාදිනල්තුමා හිටියේ නැහැ. අනිත් බිෂොප්තුමන්ලා ඔක්කොම හිටියා. ඒ අය බොහෝම සෑහීමකට පත්වුනා.”

“ඊට පස්සේ දැනට සති දෙකකට ඉස්සෙල්ලා අරලියගහ මන්දිරයේදී නායක ස්වාමීන් මහන්සේලා ඇතුළු සංඝරත්නයටත් ඒ විදිහටම බුද්ධි අංශවල සහ පොලීසියේ සී.අයි.ඩි. එකේ නිලධාරීන් ගිහිල්ල සෑහෙන වෙලාවක් මේකෙ ප්‍රගතිය පිළිබදව වාර්තාවක් ඉදිරිපත් කලා. උන්වහන්සේලාත් ඉතාමත් සෑහීමකට පත්වුනා.” යැයි ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්