නවතම පුවත්

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරන- දීර්ඝ කරන තීරණය අද

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

දීප ව්‍යාප්තව පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හා සංචරණ සීමා දීර්ඝ කරන්නේද නැතිනම් ඉවත් කරන්නේ ද යන තීරණය අද (10) රැස්වන කොවිඩ් මර්දන කමිටුවේදී ගැනීමට නියමිත ය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසුවේ යම් හෙයකින් පවතින නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළ ද සෞඛ්‍ය නිර්දේශ දැඩිව ක්‍රියාත්මක වනු ඇති බව ඔහු ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී කීය.

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන 13 වන සඳුදා අලුයම 4ට ඉවත් කිරීමට නියමිතය. පසුගිය 20 වැනිදා රට පුරා පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය මීට පෙර දෙවරක් දීර්ඝ කෙරිණි.

එමෙන්ම පනවා ඇති සංචරණ සීමාවලට දැඩිව අනුගත වී කටයුතු කරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටි.

සංචරණ සීමා පැනවීමට පෙර දෛනිකව කොරෝනා ආසාදිතයන් 4000 ඉක්මවා වාර්තා විය. කොවිඩ් දෛනික මරණ 200 ද ඉක්මවා ගින දින ගණනාවක් තිබුණි. මේවන විට දෛනික ආසාදිතයන් 3000ට නොඉක්මවන අතර මරණ සංඛ්‍යාව ද ක්‍රමයෙන් අඩු වෙමින් පවති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්