නවතම පුවත්

පාස්කු ප්‍රහාරය ගැන කොමිෂන් වාර්තාවේ වෙළුම් 22ක් නීතිපතිට දීලා නෑ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

-කොමිසමෙන් උපදෙස්
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ වෙළුම් 87න් 22ක් (ග්‍රන්ථ 22ක්) කොමිසමේ උපදෙස් පරිදි නීතිපතිවරයා වෙත නොදුන් බවට නීතිපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසයි.
 ජාතික ආරක්ෂාවට සම්බන්ධ සංවේදී තොරතුරු ඇතුළත් වෙළුම් 22ක් එලෙස භාර දී නොමැති බව ඇති අතර ඊයේ (02) නීතිපතිවරයා වෙත භාරදී ඇත්තේ ජනාධිපති කාර්යාලය වෙත භාර දී තිබූ අවසන් වාර්තාවේ සම්පූර්ණ වෙළුම් 65 ක් (ග්‍රන්ථ 65ක්) පමණි.
නීතිපතිවරයා පෙන්වාදෙන්නේ ප්‍රහාර මාලාවේ සැකකරුවන්ට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කළ ද ඊට සැළකිය යුතු කාලයක් ගතවිය හැකි බවයි.
අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් මෙසේ කීය. “මෙම පරීක්ෂණ සභාවේ  උපදෙස් පරිදි ජාතික ආරක්ෂාවට සම්බන්ධ සංවේදී තොරතුරු ඇතුළත් විලුම් 22ක් නීතිපතිවරයාට භාර දී නොමැත. නඩු පැවරීම සඳහා බෝම්බ ප්‍රහාර 8ට අදාළව දහස් ගණනකින් සමන්විත විමර්ශන උදෘතයන් සහ කොමිෂන් සභාවේ පිටු  30,000කට අධික සාක්ෂි සටහන් සහ පාර්ලිමේන්තු කාරක සභාවේ සටහන් අධ්‍යයනය කර විමර්ශන සිදු කිරීමට ඇති අවශ්‍යතාව ද සලකා වගකිවයුතු සැකකරුවන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කිරීම කාර්යක්ෂමව සහ කඩිනමින් සිදු කරන බවත්, කෙසේ වුවද සාමූහික කර්තව්‍ය සඳහා සැලකිය යුතු කාලයක් ගත විය හැකි බවද නීතිපතිවරයා දන්වා සිටී”.
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි