පැතුම් වික්රමරත්න
පාස්කු ඉරිදා එල්ල වූ ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් 25 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කර ඇත .
අගවිනිසුරුවරයා විසින් පත්කර ඇති මෙම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස දමිත් තොටවත්ත මහතා නම්කර තිබේ. සෙසු සාමාජිකයන් ලෙස අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරුන් පත්කර ඇත.
මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි නීතිපතිවරයා විසින් ඉල්ලා තිබූ අතර විශ්ෂ විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙන්නේ ඒ අනුවය .