පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හෙට හෝ අනිද්දා දිනවල ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව වාර්තාවේ.
මේ පිලිබඳ දැනුම් දීම දැනටමත් සිදුකර අවසන් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය වෙත අද දින සඳහන් කර සිටියේය.
මීට අමතරව ඉදිරියේදී, පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව අසාද් සාලි හා හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා යන අයගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය වෙත දැනුම් දී සිටියේය.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ ප්‍රකාශ ලබා දීමට අදාළව මෙතෙක් දින වෙන් කිරීමක් සිදු කර නොමැති බව ද ඔහු මෙහිදී පැවසීය