නවතම පුවත්

පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන කමිටුවට මම අනිවාර්යයෙන්ම යනවා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අප්‍රේල් 21 ප්‍ර‍හාරය සම්බන්ධවසොයාබැලීමට පත්කරන ලද තේරීම් කාරක සභාවට මටත් එන්න කියලා තියෙනවා. මම ඒකට අනිවාර්යයෙන්ම සහභාගී වෙනවා…” යනුවෙන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මැතිතුමා පවසයි.එතුමා මේ බව පැවසූයේ පසුගියදා (28) වැලිගම ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි. ග්‍රාමීය ජනතාවගේ දෛනික සේවාවන් කාර්යක්ෂම කිරිමේ අරමුණින් රජය විසින් ක්‍රියාවට නංවා තිබෙන වැඩසටහන යටතේ වැලිගම ආසනයේ වරකපිටිය හා මීරුප්ප ප්‍රදේශයේ ඉදිකල නව සේවාපියස් ජනතා අයිතියට පත් කිරිම ද එම උත්සවයේ දී ගරු අමාත්‍යවරයාගේ සුරතින් සිදු කෙරිණ.එතුමා එහිදී වැඩිදුරටත් පැවසූයේ,

මම රටපුරාම සතිපතා සඳුදා දිනවල ඒ ඒ දිස්ත්‍රික්කවල වැඩකටයුතු වල ප්‍ර‍ගතිය බලනවා ඒ වගේම අගමැතිතුමාට මම වාර්තා කරනවා. වැලිගම ආසනයේ වැලි‍පිටිය ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ප්‍ර‍ගතියේ පුංචි ප්‍ර‍ශ්නයක් තියෙනවා. ප්‍ර‍ගතිය මදි. විශේෂයෙන් මාර්ග සංවර්ධනයේදී. මිලියන දෙකක පමණ මුදල් ප්‍ර‍මාණ මේ මාර්ග සංවර්ධනයට යොදලා තියෙනවා මගේ අමාත්‍යංශයෙන් නැත්නම් ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන්, නැත්නම් ගම්පෙරළිය වැඩසටහන යටතේ. ඇයි මේ ප්‍ර‍මාදය කියන ප්‍ර‍ශ්නයට අපිට පිළිතුර එන්නේ මේ වැඩ කටයුතු ප්‍රාදේශීය සභාවෙන් භාර අරගෙන ඒවා දැන් ක්‍රියාත්මක වීම වේගවත් මදි කියලා. මම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාගෙන් ඉතාම බැගෑපත්ව ඉල්ලනවා ජනතාව වෙනුවෙන්. වෙන මොකකටවත් නෙවෙයි. මේ ජනතාවගේ මුදල්. මගේවත්, අගමැතිතුමාගේවත්, ජනාධිපතිතුමාගේවත් නෙවෙයි. අපි ඒ මුදල් ගමේ වැඩකටයුතු හඳුනගෙන ඒ සඳහා යොදවන එක පමණයි කරන්නේ. ජනතාවගේ වැඩකටයුතුවලට මේ දේශපාලනය ගාවගන්න එපා කියලා මම සභාපතිතුමාගෙන් ඉල්ලනවා. ජනතාවගේ වැඩකටයුතු ටික ඉටු කරලා දෙන්න. කවුරු සල්ලි ගෙනාවත් ඒකට පාටක් ගාව ගන්න එපා. පක්ෂයක් ගාව ගන්න එපා. මේ වැඩේ ප්‍ර‍තිඵලය එන්නේ ගමටයි. ජනතාවටයි. ඒ දියුණුව එන්නේ ගමටයි ජනතාවටයි. ඒ නිසා කරුණාකරලා සභාපතිතුමනි, ඒ දේශපාලන කුහක වැඩේ නම් කරන්න එපා. මේ වැඩකටයුතු ටික ඉතාමත්ම ඉක්මනින් ඉවර කරලා ජනතාවට ඒ සේවය කරන්න. ඔබත් ඡන්දය ඉල්ලලා ඇවිත් තියෙන්නේ. ඒ සේවය කරන්න කියලා මම මතක් කරන්න කැමතියි. අපි වේගයෙන් ඉදිරියට ගමනක් ආවා සංවර්ධනයත්, ආර්ථික දියුණුවත් කරගෙන. අවාසනාවකට අප්‍රේල් 21 වැනිදා සිදුවීමෙන් පසුබෑමක් ආවා. නමුත් නැවතත් විශ්වාසය ගොඩනගාගෙන ඉදිරියට යනවා. ඒ ඉදිරියට යද්දී නැවතත් මේ ප්‍ර‍ශ්න විසඳිලා යනවා. මටත් ආරංචියි නිල නොවන මට්ටමෙන් ඒ තේරීම් කාරක සභාවට මටත් එන්න කියලා තියෙනවා කියලා 06 වැනිදා. මම ඒකට අනිවාර්යයෙන්ම යනවා. ඒ වැඩ කටයුතුවලට සහය දෙනවා. රජයේ කටයුතුවලට හානියක් නොවන, විශේෂයෙන් රටේ ජාතික ආරක්ෂාවට හානියක් නොවන ඕනෑම ප්‍ර‍ශ්නයකට මම පිළිතුරු දෙනවා. මොකද ජනතාවට ආරක්ෂාව තියෙන්න ඕන. ඒ වැඩ කටයුතු භාරව මමත් ටික කලක් හිටියා. ඒ වැඩ කටයුතු භාරව හිටි අමාත්‍යවරයෙක් හැටියට මට තියෙන වගකීමක් තේරීම් කාරක සභාවට සහභාගී වෙලා පරීක්ෂණවලට සහය ලබාදීම. මමත් ඒ ආරාධනාව ලැබෙනකම් ඉන්නේ. ගිහිල්ලා ඒ කටයුතු වලට සහය දක්වන්න. බය වෙන්න එපා සියලු දෙනාට ඉතාම හොඳ අනාගතයක් ඇති කරන්න හැමෝම මහන්සි වෙනවා. පුංචි පුංචි ප්‍ර‍ශ්න තියෙනවා. ඒවා විස‍ඳගෙන අපි යන්න ඕන. විශේෂයෙන් සංවර්ධනයට දේශපාලනයක් නැහැ. අනිත් එක මැතිවරණ ගැන කතා කරන්න තවමත් මම හිතන්නේ පුංචි කාලයක් තියෙනවා අපේක්ෂකයෝ කවුද කියලා කතාකරන්න. හැම පක්ෂයකම ක්‍ර‍මවේදයක් තියෙනවා අපෙක්ෂකයෙක් නම් කරන්න. ඒ ක්‍ර‍මවේදය අනුව ඒ ඒ පක්ෂ නියමිත වෙලාවට අපේක්ෂකයෝ නම් කරනවා. දැන් තියෙන්නේ අන්තිම මොහොත දක්වා වැඩ කරන්න. මුදල් කොපමණ තියෙනවද මේ ප්‍රදේශවලට ඇවිල්ලා. අපි හැමෝගෙම වගකීම ඒ මුදල් වලින් මේ සංවර්ධන වැඩකටයුතු කරන එක, අනිකුත් රජයේ වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන ඉදිරියට යන එක, ජනතාවට පුළුවන් තරම් සේවයක් අපි කරන එක. එතන ඉඳලා තමයි ඊළට මේ රටට එන ඕනම නායකයෙක් වැඩකරගෙන යන්න වෙන්නේ. අපි ගොඩනගන්න ඕන අවසාන මොහොත දක්වාම. එතකොට ඊළඟ එක්කෙනාට පහසුයි එතන ඉඳලා යන්න. එයා ගොඩනගන්න ඕන ඊට ප්සසේ එයාගේ කාලසීමාවේදී. එතන ඉඳලා තවත් ලේසියි අනිත් එක්කෙනාට යන්න. අපි ඡන්දෙට ලෑස්ති වෙලා වල කප කපා හිටියොත් හැමදාම පස්සට යන්නේ අපේ රටමයි. ඡන්දෙට තව ටිකක් කල් තියෙනවා. අපි හැමෝම එකතු වෙලා වැඩ කරමු…” යනුවෙන් ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්