නවතම පුවත්

“පාස්කු විමර්ශන යටගැසීම ගැන මතය ජාත්‍යන්තරයට දැනුම් දුන්නා”  -අගරදගුරු

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ යටගහන උත්සාහයක් විනා වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීමක් පෙනෙන්නට නැති බැවින් ඒ පිළිබඳ ජාත්‍යන්තරයට තම පාර්ශ්වයේ මතය දැනුම් දීමට කටයුතු කළ බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පවසති.

එමෙන්ම රජය විසින් ප්‍රහාරයේ සත්‍ය යටගැසීමට රජය තවත් තුරුම්පුවක් යොදාගැනීමට සූදානම්වී ඇතැයි ද ඊයේ (08) මාධ්‍ය හමුවක් පවත්වමින් කාදිනල් හිමියෝ චෝදනා කළහ.

“අගමැතිතුමා සහ විදේශ කටයුතු ඇමතිතුමා ඉතාලියට ගිහිල්ලා එහි පැවැත්වෙන සමුළුවකදී පසුව වතිකානුවට ගොස් ප්‍රැන්සිස් පාප් වහන්සේ හමුවී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා පාස්කු ප්‍රහාරය පිළිබඳ එයාලා කරන වැඩපිළිවෙළක් ගැන කැබිනට් ප්‍රකාශක කිව්ව ප්‍රකාශයක් *** පුවත්පතේ මුල්පිටුවේ දාලා තියනවා. පාස්කු ප්‍රහාරයට දුන්නු සහන උදව් පදව් විමර්ශන ගැන කියනවා කියලාත් ඒකේ තියෙනවා.

මේක ප්‍රයෝගකාරී ගමනක් බව පේනවා. එමෙන්ම ඒ වැඩපිළිවෙළ මම තරයේම හෙළා දකිනවා. ඒ ගමන ගිහින් ඔවුන් උත්සාහ කරන්නේ සත්‍යය ගැටගැසීමේ ක්‍රියාදාමයක්. විදේශීය රටවල් පවා ඒ වගේම ශුද්ධොත්තම පාප් වහන්සේ පවා නොමඟ යවන්නට බොරු කියලා අපෙන් අපි බලාපොරොත්තු වන යුක්තිය අපට දෙන්නෙ නැතිව ආණ්ඩුවට වාසිදායක විදියට හැමදේම කරමින් සත්‍ය යටගහන මේ රජය ගෙනියන ව්‍යාපාරය තවත් එක තුරුම්පුවත් තමයි ඔය ගහන්නට සැරසෙන්නේ. ඒක පිටිපස්සේ ඉන්නේ මේ රජය. අගමැතිතුමාත් විදේශ ඇමතිතුමා ඇමතිතුමත් දැන් ඒකට සහභාගි වෙනවා කියලා පත්තරේ දාලා තියෙනවා. අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ඉතාම සාධාරණ ඉල්ලීමක් තමයි රජය වෙත කළේ.

අවුරුදු දෙකහමාරක් මේ රටේ අහිංසක ජනතාව ඉතා ඉවසීමෙන් මේ ප්‍රහාරය පිළිබඳ හෙළිදරව් වෙයි කියලා බලා සිටියා. ජාත්‍යන්තරයට අපිව දැන් තල්ලු වෙනවා ජාත්‍යන්තරයට මේගොල්ලෝ යන්න තීරණය කරලා නිසා අපේ තත්ත්වෙ මොකක්ද කියන එක ගැනත් දැනුම් දෙන්න සිද්ධවෙලා තියනවා. ඒ නිසා මේ පිළිබඳව අපට දැනගන්නට ලැබුණ නිසා අපි දැනටමත් ජාත්‍යන්තරයට දැනුම් දීලයි තියෙන්නෙ මේ සම්බන්ධව අපේ මතය. මේ රජය පරීක්ෂණ යටගහන උත්සාහයක් විනා වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමට ක්‍රියාත්මක කිරීමක් අපට පෙනෙන්නට නැති බව අපි ජාත්‍යන්තරයට දැනුම් දෙන්න කටයුතු කළා. ඒ නිසා මේ අවස්ථාවේදී මා ප්‍රකාශ කළ යුතුයි අපි මේ ළාබාල උත්සහය හෙළා දකිනවා විදේශීය ජනතාව බොරු කියමින් නොමඟ යවන්නට කටයුතු කිරීම ගැන.”

අපි ජුලි මාසේ 12 දා ජනාධිපතිතුමාට ලිපියක් යැව්වා මේ සේරම කාරණා ගැන. පක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ යුතුයි කියලා දන්වලා නමුත් අපිට ඒකට ලැබුණේ බොහොම බාල  පිළිතුරක්. ප්‍රශ්නය මගහැරලා මගහැරලා යන පිළිතුරක් අපට ලැබුණේ. ”

කෙසේවෙතත් විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා නොබෝ දිනකින් ඉතාලියේ සංචාරයක නිරතවීමට

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්