නවතම පුවත්

මහාපරිමාණ මෝල් හිමියන්ගේ හාල් මෙ.ටොන් 1000ක් රජයට පවරාගනී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


* ඩඩ්ලිගේ අරලියත්, රාජ්‍ය ඇමතිගේ නිපුණත් ඒ අතර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

මෙරට තුළ මහාපරිමාණ සහල් මෝල් හිමියන් සතුව තිබූ සහල් මෙට්‍රික් ටොන් 1000ක තොගයක් රජයට පවරාගෙන සතොස වෙත භාරදී තිබේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිටින මහාපරිමාණ සහල් මෝල් හිමියන් වන අරලිය, නිපුන, ලත්පඳුර, නිව් රත්න, හිරු, සූරිය යන  පෙලේ සහල් ව්‍යාපාරිකයින් සතුව තිබී වෙළෙඳපොළ වෙත නිකුත් නොකර රඳවාගෙන තිබූ සහල් තොග ප්‍රමාණයක් එලෙස රජයට පවරාගෙන ඇතැයි වාර්තා වේ.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්, මේජර් ජෙනරාල් එම්.ඩී.එස්.පී නිවුන්හැල්ල මහතා ඇතුලු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් පොළොන්නරුවේ පිහිටි අදාළ සහල් මෝල් වෙත පැමිණ එම සහල් තොග රජය භාරයට ගෙන තිබේ.

මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාට අයත් නිපුන සහල් මෝල වෙතද ඊයේ (08) පෙරවරුවේ පැමිණි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ඇතුලු නිලධාරීන් පිරිසක් එහි තිබූ සහල් තොගයක් ද රජයට පවරාගෙන ඇත.

පසුව ඩඩ්ලි සිරිසේන මහතාට අයත් අරලිය සහල් මෝල වෙත පැමිණි නිලධාරින් පිරිස එහි තිබූ සහල් තොගයක් ද රත්න සහල් මෝලේ තිබූ තවත් සහල් තොගයක් ද රජයට පවරා ගැනීමට කටයුතු කර ඇත.

ඒ අනුව සහල් මෝල් 08ක තිබී සහල් මෙට්‍රික් ටොන් 1,000ක ප්‍රමාණයක් මෙලෙස සොයාගෙන ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්