වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් පරිපාලන නිලධාරීන් අද (24) සිට අඛණ්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ප්‍රකාශ කර සිටී
ඒ හේතුවෙන්, ආගමන විගමන කටයුතු, පුද්ගලයින් ලියාපදංචි කිරිමේ කටයුතු, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු කටයුතු, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කටයුතු ඇතුළු ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල කටයුතු වලට බලපෑම් එල්ල විය හැකි බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සඳහන් කර සිටී
කෙසේ වෙතත්රාජ්ය පරිපාලන කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ අදාළ ගැටලුව සම්බන්ධයෙන් අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී වැඩිදුරටත් සාකච්ඡා කරන බවයි.